පිට පිටම අලි ඇතුන් ඝාතනයේ – තවත් ගැබ්බර ඇතින්නක් මරුට

සතියක්‌ ඇතුළතදී තිරප්පනෙන් වාර්තාවූ දෙවැනි අලි මරණය ගැබ්බර ඇතින්නක් 

තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් අංක 550 සෙම්බුකුලම ග්‍රාමසේවා වසමේ සෙම්බු කුලම කනත්ත ළඟදි වෙඩි වැදීමකින් ඇතින්නියක්‌ මියගොස්‌ ඇතැයි තිරප්පනේ පොලිසිය කියයි.

තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ සතියක්‌ ඇතුළත් වාර්තා වූ දෙවැනි අලි මරණය මෙයයි.

මියගිය ඇතින්නිය වයස අවු. 20, 22 ක්‌ ඇති වයසේ පසුවන බවත්, ඌට මාස 3 – 5 පමණ වයස පැටියකු ඇති බවත්, වනජීවී නිලධාරීහු පවසති. තුවක්‌කුවකින් තබන ලද වෙඩි උණ්‌ඩයක්‌ හදවත පසාරු කරගෙන ගොස්‌ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට හානි පැමිණවීමෙන් සිදුවූ ක්‍ෂණික මරණයක්‌ බව පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය විය. මේ අනුව කිසියම් පුද්ගලයකු 11 දා රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවත් ඇතින්න පලවා හැරීමට නොව ඝාතනයට කිරීම සඳහාම ඇතින්න පිටුපසින් පැමිණ ඉදිරි පාදයේ බාහුවට පිටුපසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් වනජීවි නිලධාරීහු පවසති.

11 දා රාත්‍රියේ විශාල අලි රංචුවක්‌ ඇතින්න මියගොස්‌ සිටි ස්‌ථානයට ආසන්නයේ ඇති දෙමටෑගම කුඹුරු යායට පැමිණ ඇති බව ද අනාවරණය විය. මේ නිසා පැල ගොයමට විශාල වශයෙන් හානි කර තිබූ අයුරු ද දර්ශනය විය.

මේ වනවිට මෙම ප්‍රදේශයේ ගොවීන්ට වගා බිම් ආරක්‌ෂා කිරීම සඳහා බලපත්‍ර සහිත ගිනි අවි 06 ක්‌ පමණ ලබාදී ඇති බවත්, මෙම ඇතින්න ඝාතනය සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණයක්‌ ආරම්භ කරන බවත් තිරප්පනේ පොලිසිය කියයි.

මෙම ඇතින්නගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය අනුරාධපුර පණ්‌ඩුලගම වනජීවී සෞඛ්‍ය කළමනාකරණ ඒකකයේ පශු වෛද්‍ය ඉසුරු හේවාහෙට්‌ටිගේ මහතා විසින් සිදුකරන ලදී. මෙම අවස්‌ථාව සඳහා තිරප්පනේ පොලිස්‌ ස්‌ථානාධිපති පො. ප. සනත් පිංඤෝ, ප්‍රාදේශීය ලේකම් රේණුකා කුමාරි යන මහත්ම මහත්මීහුද පැමිණ සිටියහ

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.