තෙලි ඇල්ල (හොලොම්බුව) ජලාශයට ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය –

කොලබ ජල ගැලීම් පාලනය සඳහාත් , කුරුණෑගල වැනි වියලි ප්‍රදේශ සඳහා ජලය ලබා දීමේ අරමුණින් යෝජිත ගුරුගොඩ ඔය හරස් කර (තෙලි අල්ල ප්‍රදේශයෙන් ) ඉදිකිරීමට අදහස් කර ඇති ජලාශයට එරෙහිව ප්‍රදේශවාසීන් දැඩි විරෝධතාවයක් දක්වයි. මේ සඳහා ඉකුත් දිනක  දැදිගම රජ  මහා විහාරස්ථානයේදී විරෝධතා රැස්වීමක්  සංවිධානය කර තිබූ අතර ඒ සඳහා හාර දහසකට වැඩි ජනකායක් සහභාගි වී සිටියහ . මෙසේ මෙම ප්‍රදේශවාසීන් දැඩි ලෙස මෙම ව්‍යාපෘතියට විරෝධය පෑ අතර මේ සඳහා ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ද ප්‍රාදේශීය දේශපාලඥයන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද සහභාගි වී සිටීම විශේෂත්වයක් කරුණු .

ශ්‍රීලංකාවේ ලංකාවේ සශ්‍රික  ප්‍රදේශයක් වන කෑගල්ල සිට අවිස්සාවේල්ල දක්වා දිවෙන මාර්ගය දෙපස මෙම භූමිභාගයන්හි ජනතාව එදා මෙදා මෙදා තුර ප්‍රාදේශීය දේශපාලනඥයන් මෙන්ම ජාතික මට්ටමට ඉහලට ගිය දේශපාලනඥයන් පවා රටේ අනෙක් ප්‍රදේශ වලට සාපේක්ෂව කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු කිරීමට අපොහොසත් වූ ප්‍රදේශයක් ලෙස මෙම ප්‍රදේශය හඳුන්වා දිය හැකියි .

නමුත් හිටි හිටි හැටියේ යෝධ ව්‍යාපෘතියක් වශයෙන් මෙම ව්‍යාපෘතියක් ගැනීම තුළින් ස්වදේශීයප්‍රදේශයේ  ජනතාවට දැඩි පීඩාකාරී තත්ත්වයක් ඇති කිරීමට නම් මෙම දේශපාලඥයන් සමත් වී ඇත .ගුරුගොඩ ඔය ය කැළණි ගඟට එක්වන අතු ගංගා අතරින් ප්‍රදනතම ගංගාවක් ලෙස සැලකිය හැක.නමුත් මෙම ගංගාව ටෙලි ඇල්ල ප්‍රදේශයෙන් හරස් කර ඉදිවන ජලාශයේ නිසා අද වන විට ඉතා ජනාකීර්ණ ප්‍රදේශ වී ඇති මෙම ඉතාමත්ම වටිනා පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ස්ථාන රාශියක් ඇති ප්‍රදේශයක් සම්පුර්ණ යට වීමට ලක්  වෙයි .

මේ පිළිබඳව අදහස්දැක්  වූ අලුත්නුවර සුමන හිමියන් පැවසුවේ පැරකුම්බා රජු උපත ලැබූ දැදිගම කොට වෙහෙර පවා මෙම ජලාශය නිසා යට වන බවයි එබැවින් ජනාධිපති සහ අගමැති වරයා ප්‍රාදේශීය දේශපාලනඥයන් විසින් දැනුවත් කර මෙම මහා විනාශය නවත්වන ලෙසත් නැතිනම් මහා සංඝරත්නයත් සමගින් පාරට බැසීමට සිදු වන බවත් උන්වහන්සේ පැවසූහ .තවදුරටත් අදහස් දැ වූ හිමියන් රජමහවිහාර තුනක් සමගින් පැරකුම් රජුගේ උපත සිහිවීම පිණිස ඉදි කොට තැනූ කොට වෙහෙර ගම්මාන 23 මේ හේතුව නිසා අවතැන් වන බවත් මෙසේ සශ්‍රීක පළාතක විසූ මෙම ප්‍රදේශ වාසීන් පුත්තලම ප්‍රදේශයේ ඉඩම් ලබා දී පදිංචි කරවීමේ කූට සැලැස්මක් ඇති බවත් එය ට සිවිල් ජනතාව කිසිසේත්ම ඉඩ ලබා නොදෙන බවත් වූහ.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ඒ ඩි ප්‍රේමදාස චම්පිකා ද මෙම ව්‍යාපෘතිය සඳහා ජනතා විරෝධයක් ඇත්නම් තමන්ද එයට එරෙහි වන බවද පැවසිය. තවද තමන් මේ ගැන ජනපති හා අගමැති සමග කතා කර තීරණයක් ලබා දෙන බවටද පොරොන්දු විය .

පසුව හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතාද අදහස් දක්වමින් අයවැයෙන් මෙයට මුදල් වෙන් වුවත් මෙය අනිවාර්යෙන් නවත්වන බව පැවසූ අතර නැතිනම් පාරට බස උද්ගෝෂණය කරමින් හෝ මෙය නැවත්වීමට යෝජනා කරන ලදී. තවද ශ්‍රී ලනිප දැදිගම සන්ව්ධයක වරයා පවා තමන්ද මෙයට විරුද්ධ බවත් සංවිධායක ධුරය නැති උනත් ජනතාව සමග එකතු වන බවත් පැවසූ අතර හිටපු පළාත සභා මන්ත්‍රී සමන් ජයසිංහ ද අදහස් දක්ව්වා. මේ සඳහා මිලියන 4100 ක දැවැන්ත මුදලක් වෙන් කර ඇති බවද වරකාපොල ප්‍රාදේශීය ලේකම් වරයා අනාවරණය කරා . නමුත් ඉඩම් අත්පත් කර ගැනීම පිලිබඳ මෙතෙක් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලැබී නැති බවත් . ඔහු පවසා සිටියා .

මෙසේ යම් වට්‍යප්ර්තියක් නිසා මෙම ප්‍රදේශ වාසින් දැඩි ලෙස පිඩාවට පත් උවහොත් එය ඉතා සංවේදී කරුණක් වනු ඇත. බලධාරිනි ඔබේ ඇස මේහි ගැටේවා .

හැමෝම මේ පොස්ට් එක ෂෙයාර් කරලා උදව්වක් කරන්න

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

}