දළ පුට්ටුවාගේ සිද්දියේ නම ගැවුණු නාගල හාමුදුරුවෝ අතුරුදහන්

ගල්ගමුව දළ පූට්ටුවාගේ ඇත් දළ ගනුදෙනුව සිදුවූ පොල්පිතිගම නාගල රජමහා විහාරාධිපති හිමියෝ දින කිහිපයක් තිස්සේ එම විහාරස්ථානයෙන් අතුරුදන්වී සිටිති.
මාධ්‍යවේදීන්   ඊයේ (5දා) එම විහාරස්ථානයට ගිය අවස්ථාවේදී අනාවරණය වූයේ විහාරාධිපති හිමියන් දින කිහිපයකින් විහාරස්ථානයට වැඩම කර නොමැති බවයි.
ඒ පිළිබඳව නාගල විහාරවාසී භික්ෂුන් වහන්සේගෙන් අප කළ විමසීමකදී උන්වහන්සේ පැවැසුවේ දින කිහිපයකට පෙර විහාරාධිපති හිමියන් සති පිරිතක් සඳහා යන බැව් පවසා බැහැර වැඩම කළ බවත් උන්වහන්සේ කිසි දිනක යන එන තැන් පිළිබඳව තමන් වහන්සේට නොපවසන බවත්ය.

නාගල විහාරාධිපති හිමියන් වැඩ වාසය කළ ආවාස ගෙය ඇතුළු ගොඩනැඟිල්ල වසා යතුරු දමා තිඛෙන අතර සියලු ‍දොර ජනෙල් වසා දමා යතුරු රැගෙන ගොස් ඇතැයි ආවාස ගෙය භාරව සිටින පුද්ගලයෙක් අප සමඟ පැවැසීය.

Sri Nagala Rajamaha Viharaya at Nikawewa

වසා දමා ඇති ආවාස ගෙය ඉදිරිපිට විහාරාධිපති හිමියන් හට අයත් බව පැවැසෙන සුඛෝපභෝගී ජිප් රථ දෙකක් නවතා තිඛෙන අයුරුද මාධ්‍ය කණ්ඩායමට නිරීක්ෂණය කළ හැකි විය.

ඇත් දළ ජාවාරමට දැනට අත්අඩංගුවේ පසුවන හේරත්ගම ග්‍රාම නිලධාරියා නිතර පන්සලට ආගිය අයෙක් සහ ප්‍රධාන දායකයකු බව නාගල රජමහා විහාරවාසී භික්ෂුන් වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.

මව්බිම වෙතිනි

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

}