සාපෙළ අධ්‍යාපන බර අඩු කරනවා – අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රබල වෙනස්කමක්

ඉදිරි වර්ෂ වලදී සාමාන්‍ය පෙළ විෂයන් නවයෙහි වෙනස්කම්රාශියක් සමග විෂයන් 6ක් දක්වා අඩු කොට තොරතුරු තාක්ෂණය අනිවාර්ය විෂයයක් කොට දරුවන් පිට පටවා ඇති අනවශ්‍ය අධ්‍යාපන බර ඉවත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

මොරටුව වේල්ස් කුමර විදුහලේ ඊයේ (05) පැවැති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

ලොව දියණුම අධ්‍යාපන ක්‍රමය පින්ලන්තයේ පවතින බවත් එහි පවතින්නේ ප්‍රායෝගික හා වෘත්තිය අධ්‍යාපන ක්‍රමය බවත් එම ක්‍රමවේදයට ප්‍රමුඛතාවය දෙමින් වෙනස් කරන්නට සැලසුම් කර ඇති නව අධ්‍යාපන රටාව අප රටේ දරුවන්ගේ අනාගතය ශක්තිමත් කරන බවත් ඔහු පැවසීය.

එමෙන්ම පරිගණක යුගය සමග ගනුදෙනු කිරීමට ඉඩ ප්‍රස්තාව සලසාලමින් සෑම සිසු සිසුවියකටම ලැප් ටොප් පරිගණකද ගුරුවරුන්ට ටැබ්ද ලබා දෙන්නට කටයුතු කරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

}