මාස ගණනක් තිස්සේ වැඩේ කරගෙන ගිහින් -ගල විදලා අඩි 25 කට වැඩි වලක් හාරලා

දළදා මාලිගාවට අයත් ගලේවෙල එනමල්පොත වහකෝට්ටේ ප්‍රදේශයේ ඉඩමක මාස කීපයක සිට නිධානයක් හෑරීම සඳහා ගලක් විදිමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.‍

ඔවුන් සතුව තිබී බැකෝ යන්ත්‍රයක්, යතුරුපැදියක් හා ගල් විදින මෙවලම්, වෙඩි ඛෙහෙත් ආදීය පොලිස් බාරයට ගෙන ඇත.

මොවුන් පොලිස් කණ්ඩායම එම ස්ථානයට යන විටත් යාන්ත්‍රික උපකරණ යොදාගෙන විශාල ගලක් අඩි 25ක පමණ ගැඹුරු වළක් හාරා ඒ මත දෝනාවක් යවමින් නිදන් සොයමින් සිටි බව පොලිසිය කියයි.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි ව්‍යාපාරිකයකු මෙන්ම බැකෝ යන්ත්‍ර අයිතිකරුවෙකු සහ මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.

වැටලීමට පැමිණි දඹුල්ල

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ ගලේවෙල පොලිසියට බාරදෙන බව දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරිහු පවසති.

ලංකාදීප පුවත් පතෙනි

This slideshow requires JavaScript.

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.