කටාර් වැඩ කොහොමත් ආගමික අන්තවාදය පදනම් කරගෙන විතරයි

සියලු පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ නගරයක් ඉදිකරදීමට කටාරය පොරොන්දු වූ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.
ඒ මහතා මේ බව කියා සිටියේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හි පැවැති උත්සවයක් අමතමිනි.

එම නගරය අපට අවශ්‍ය ඕනෑම ස්ථානයක ඉදිකරගත හැකි බවත්, කටාරය වෙනත් රටකට මෙවැනි ප්‍රතිපාදනයක් ලබාදෙන පළමු අවස්ථාව මෙය බවද ඔහු කියා සිටියේය.

එම නගරය නිර්මාණය කරදීමට ස්ථානයක් වෙන්කර දෙන්නැයි කටාර් බලධාරීන් මේවන විට තමාගෙන් ඉල්ලීමක් කර ඇති බවද සිරිසේන මහතා කීය.

විල්පත්තු රක්ෂිතය විනාශ කරමින් ඉස්ලාමීය ජනපදකරණය සදහා මූල්‍යමය දායකත්වය ලබා දෙන්නේද කටාර් රාජ්‍යයි.

කටාර් ආයෝජන ව්‍යාපෘති තුළ වැඩි අවස්ථා ජාතිවාදී පදනමින් ලබාදෙන අතර, මෙම නගර ව්‍යාපෘතිය තුළද වැඩි අවස්ථා ඉස්ලාම් භක්තිකයන්ට හිමිවනු ඇති බවද සදහන් වේ.

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

}