දරුවන් කීප දෙනෙක්ම අපයෝජනය කරලා – බොරු උපාධියකින් පන්ති කරලා

ගම්පොල හපුගස්‌තලාව ප්‍රදේශයේ සිදුවන ළමා පිරිමි අපචාර වැඩි වෙමින් හතරවන ළමා අතවරයට සම්බන්ධ වූ උපකාරක පංති ගුරුවරයකු මෙම 20 වැනි දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නාවලපිටිය මහෙස්‌ත්‍රාත් ශ්‍රිනිත් විඡේසේකර මහතා නියෝග කළේය.මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත වූයේ එම්. නවුසාඩ් නමැති 37 හැවිරිදි විවාහකයෙකි.

මෙම පුද්ගලයා පාසලේ 6 වැනි පංතියේ ඉගෙනුම ලබන අවුරුදු 11 ක පිරිමි දරුවකුට මෙසේ අතවර සිදුකොට තිබිණි.මොහු උපාධිධාරී ගුරුවරයකු ලෙස පෙනී සිටිමින් හපුගස්‌තලාව ප්‍රදේශයේ උපකාරක පංතියක්‌ පවත්වාගෙන යමින් ගණිතය හා ඉංග්‍රීසි උගන්වා තිබේ. නමුත් මොහුට උපාධියක්‌ නොමැති බව පරීක්‍ෂණ පවත්වන පොලිසිය අනාවරණය කරගෙන ඇත.

මෙම පුද්ගලයා විසින් පවත්වාගෙන යන උපකාරක පංතියේ දරුවන් මෙසේ අපයෝජනය කර ඇති බව අනාවරණය වී ඇත. පැය 2 ක පංති කාලසීමාව තුළදී විනාඩි 15 ක්‌ පමණ කලින් පංති නවත්වා ළමුන් පිටත් කර හැර විෂයට දුර්වල යෑයි කියා තබාගන්නා සිසුවකුට මොහු මෙසේ ලිංගික අතවර කර තිබේ. එසේ සිදුකරන අතරතුර ලඅර ළමයටත් මම මෙහෙම කළා එයා කාටවත් කීවේ නෑ ඔයත් කියන්න එපාල කියා රුපියල් 20 ක්‌ දී ඇති බව පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

මේ ආකාරයට මොහුගෙන් ප්‍රදේශය තුළ ළමුන් කීපදෙනකු අතවරයට පත්වීම පිළිබඳව ගම්පොල කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි නුවන් මෙන්ඩිස්‌ මහතාට තොරතුරු ලැබීමත් සමඟ කොට්‌ඨාස බුද්ධි අංශය හා කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශය හා නාවලපිටිය පොලිසිය යොදවා පරීක්‍ෂණ සිදුකොට මොහු අත්අඩංගුවට ගෙන තිබේ. මීට පෙර මෙම ප්‍රදේශය තුළ අසැබි දසුන්වල ආකාරයට 69 හැවිරිදි පුද්ගලයකු විසින් පිරිමි ළමුන් දෙදෙනකුට ලිංගික අතවර කර බන්ධනාගාරගත වූ අතර ඔහු ද කොට්‌ඨාස බුද්ධි අංශ තොරතුරු අනුව හෙළිකරගෙන තිබිණි. මේ ආකාරයට නාවලපිටිය නගරයේ විසිතුරු මාළු වෙළෙඳසලක 55 හැවිරිදි මුදලාලි කෙනකු ලස්‌සන මාළු දෙදෙනකු දෙනවා යෑයි පවසා 6 හැවිරිදි පිරිමි දරුවකු අපයෝජනය කොට පොලිස්‌ අත්අඩංගුවට පත්වී තිබේ.

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

}