කියවලාම බලන්න- සිංහලයෙක්න්ම් බලාපොරොත්තු වෙනම ව්‍යස්ථාව මේකයි

බොදු බල සේනාව මෙරට ශක්තිමත්ම බෞද්ධ බලවේගයයි

ඉකුත් දින කිහිපය පුරාවට බොදු බල සේනා සංවිධානය නව ව්‍යස්තාවක් සඳහා කැමැත්ත පල කරන ලදි පවසමින් අන්තර්ජාලය පුරාවට විවිධ වූ මද පරහාර අඩුවක් නැතිව දියත් වෙනවා අපි කොතෙකුත් දුටුවෙමු. මේ පිළිබඳව ඉතා සංවේදී කරුණක් බැවින් අපි නිසියාකාරව සොයා බැලුවේ අපගේ ගෞරවනීය ගලගොඩ ඇත්තේ ඥානසාර හිමියන් මෙලෙස ආණ්ඩුවට කඩේ යනවායි කියමින් උද පනින සහජීවන කාරයන් හෝ වෙනත් පුද්ගලික මැති මතාන්තර හෝ බඩ ගෝස්තරවාදී දේශපලන්න අරමුණු වෙනුවෙන් පෙනී සිටින්නවුන් අපට විශ්වාශ කල නොහැකි නිසාවෙනි. මෙන්න ඔවුන් උද පන කගැසූ ඒ යෝජනා වලිය. සිතන්න මේ සිංහල බෞද්ධ රටට අවශ්‍යම කරන  ව්‍යස්ථා සංශෝදනය නොවේද?

පහතින් ඔබට එම සංවිධානය විසින් නිකුත් කරන ලද අදාළ යෝජනා වලිය සම්පුර්ණයෙන් කියවිය හැක

වසර 10කින් අපේ රට දියුණු කිරීමට සිතමු, එක්වෙමු, නැගිටිමු.. බොදු බල සේනා නිවේදනය .. 5නොවැම්බර් 2017

වසර 10 ක් තුල අපේ රට දියුණු කල හැකි බව පිළිගන්නා හා එයට සමාජ නායකත්වයක් සැපයිය හැකි බව පිලිගනු ලබන බොදු බල සේනා ඒ අනුව සියලු පාර්ශව සමග සාකච්චා කරන බව මීට පෙර පැහැදිලිව නිවේදනය කරන ලදී. මෙම සාකච්චාවන් මූලිකව අපේ රට දියුණු කිරීම පිලිබඳ ප්‍රතිපත්තිමය කරුණු මිස ඕපාදූප නොවේ..සංහිදියාවට සියලු පාර්ශව වල සහභාගිත්වය හා විශේෂයෙන් ගැටුම් වලට සම්බන්ද පාර්ශව එක් විය යුතු බවත් පිළිගන්නා බොදු බල සේනා මෙම සියලු සාකච්චා බ්‍රේකින් නිව්ස් වාර්තාකරණයට ලක්වියයුතු අශ්ව ධාවන තරගයක් නොවන බව සලකනු ලැබේ. යම් සංවිධානයකට හෝ පුද්ගලයකුට බොදු බල සේනා සමග සාකච්චා කිරීමට 0773218677 අංකයට කතා කල හැක..ඕනෑම පාර්ශවයකට මෙම සාකච්චා වලට අතරමැදි වී සම්බන්දතා ඇති කිරීමට විවෘතය…මෙවන් පරිසරයක් තුල බොදු බල සේනා හෝ එහි නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් සමග යම් එකගතාවයකට එලඹ් ඇති බව ප්‍රකාශ කිරීම ඒ පුද්ගලයින්ගේ පරිණතභාවයේ අර්බුදයකි..මේ.නිසා විවිධ ප්‍රකාශ සිදුකරම්න් බොදු බල සේනා හා ඤාණසාර හිමි යම් එකගතා වලට එලඹුන බව ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරමින් කරන කටයුතු පිලිබඳව අපගේ අනුකම්පාව ප්‍රකාශ කරමු.බුද්ධ ධර්මය අනුව සාමය හා දියුණුවට මග පාදන සාකච්චා වලට සම්බන්ද වීම අපගේ ප්‍රබලත්වය හා ශ්‍රෙෂ්ඨත්වයයි.මෙම සාකච්චාමය ප්‍රවේශය අපගේ දුර්වලකමක් ලෙස සැලකීම හුදෙක් අදාල පාර්ශව වල මානසික ගැටලුවක් පමණි.යමෙක් ගැටුම් නිරාකරණයේ දී ජයග්‍රහකයින් හෝ පරාජිතයින් සෙවීම සිය අධ්‍යාපනයේ අර්බුදයකි.සාමය හා දියුණුව සදහා වූ මෙම දීර්ඝකාලීන හා උපායමාර්ගික ගමනේදි කෙටි කාලීන වීරයන් බිහිකර විහිලුවක් වීමට බොදු බල සේනාවට අපේක්ෂාවක් නොමැත.අපගේ රටේ ඒකීයභාවය, බුද්ධශාසනය ආරක්ෂා කිරීමට හා දියුණුව වෙනුවෙන් කැපවෙමු..

ව්‍යස්ථා සංශෝදන කාර්ය සඳහා ජනාධිපති වරයාගෙන් සකාච්වව්ක් ඉල්ලා කථිකාචාර්ය ඩිලන්ත විතානගේ මහතා යැවු විද්‍යුත් පණිවිඩය

14 ඔක්තෝම්බර් 2017

බොදු බල සේනා
615, නාවල පාර
රාජගිරිය

මෛත්‍රීපාල සිරිසේන මහතා
ජනාධිපති තුමා
ජනාධිපති කාර්යාලය
කොළඹ

ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ සාකච්චාවක් ඉල්ලා සිටීම

ව්‍යවස්ථා සංශෝධනය වෙනුවට නව ව්‍යවස්ථාවක්…හුදෙක් රට පාලනය කරන ව්‍යවස්ථාවක් වෙනුවට රට දියුණු කල හැකි ව්‍යවස්ථාවක් මැයෙන්, 8 ජනවාරි 2016 දින ඔබවෙත එවන ලද ලිපියට වැඩිමනත්ය.

දරුණු ව්‍යවස්ථා අර්බුද නිර්මාණය වෙමින් සමස්ථ දේශයම අර්බුදයකට යමින් පවතින මේ තීරණාත්මක මොහොතේ අපගේ උක්ත ලිපියට ඔබගේ රජයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුන බැවින් ඒ පිලිබදව අපගේ කනගාටුව ප්‍රකාශ කර සිටිමු

මේ කරුණ පිළිබඳව ඔබතුමා හෝ වගකිව යුතු පාර්ශවයක් සමග ඉතා ඉක්මනින් සාකච්චා කිරීමට අපගේ සංවිධානයට අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමු. පවතින ව්‍යවස්ථාව වෙනස් කිරීමට හේතු, නව වෙනස්කම් මගින් අදාළ ගැටළු විසදනු ලබන ආකාරය මෙන්ම පවතින ව්‍යවස්ථාව මගින් මෙම ගැටළු ඇති වී ඇති බව පැහැදිලි කර ගැනීමට අපට අවශ්‍ය බව තවදුරටත් දන්වා සිටිමු.

කලින් එවන ලද ලිපිය හා අදාළ ලේඛන මේ සමග පහතින් දක්වා ඇත.

ස්තුතිය.

තෙරුවන් සරණයි.

කථිකාචාර්ය දිලන්ත විතානගේ
ප්‍රධාන විධායක නිලධාරී
බොදු බල සේනා

0773218677

8 ජනවාරි 2016

බොදු බල සේනා
44A, හයිලෙවල් පාර
කොළඹ 5
සිංහලේ

මෛත්‍රීපාල සිරිසේන මහතා
ජනාධිපති තුමා
ජනාධිපති කාර්යාලය
කොළඹ

ව්‍යවස්ථා සංශෝධනය වෙනුවට නව ව්‍යවස්ථාවක්…හුදෙක් රට පාලනය කරන ව්‍යවස්ථාවක් වෙනුවට රට දියුණු කල හැකි ව්‍යවස්ථාවක්.

බොදු බල සේනා නායක හිමිවරුන්ගේ උපදෙස් මත ඔබගේ අවධානයට මෙම ලිපිය ඉදිරිපත් කරමු. අප රටට ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය බව බොදු බල සේනාවේ ද පිළිගැනීමයි. එහෙත්‍ එය සිදු විය යුත්තේ විදේශකයින් ට හෝ විදේශ න්‍යාය පත්‍ර අනුව කටයුතු කරන පුද්ගලයින්ට හා ආයතනවලට අනුව නොවේ.එය සිදු විය යුත්තේ මේ රටේ රටවැසියන්ට අනුවය. ඒ අනුව අවුරුදු 2500 කට අධික ලිඛිත ඉතිහාසයකට හා සංස්කෘතියකට උරුම කම් ඇති අප අපගේ ව්‍යවස්ථා සකස් කල යුත්තේ එම තත්වය මුලික පදනමක් ලෙස සලකාය. අප රටට බලපෑම් කරන සියලු බලවත් විදේශ රටවල්ද සිය ව්‍යවස්ථා සකසා ඇත්තේ එලෙස සිය ඉතිහාසය, සංස්කෘතිය රකිමින් සිය අනන්‍යතාව ආරක්ෂා කරමිනි.

අද අප සියලු දෙන යටත් වී ඇත්තේ එලෙස සිය ඉතිහාසය, සංස්කෘතිය රකිමින් සිය අනන්‍යතාව ආරක්ෂා කොට සකස් කර නොමැති ව්‍යවස්ථාවක් නමැති උගුලකය. එහි අපේ අවුරුදු 2500 කට අධික ලිඛිත ඉතිහාසයකට හා සංස්කෘතියකට කිසිදු පදනමක් නැත. රෝම-ලන්දේසි-ඉංග්‍රීසි නමැති ක්‍රිස්තියානි/කතෝලික හරයන් පදනම් කරගෙන සකස් කල මෙම සියලු ව්‍යවස්ථාවන් විසින් අද අප සමාජය මේ පවතින අර්බුදයට පත් කර ඇත. ඒ තුල මේ රට වසර දහසක් පාලනය කල සිංහල බෞද්ධ රාජ නීතියට, අපේ සිංහල බෞද්ධ සාරධර්ම රැකීමට හෝ එම පදනම ආරක්ෂා කිරීමට කිසිදු ක්‍රමවේදයක් නොමැත.ඒ තුල ඇත්තේ සිංහල බෞද්ධයා රැවටීම සඳහා වූ වචන රැසක් පමණි. අද තේසවලාමේ නම් දෙමල නීතියත්, උඩරට නීතියත්, මුස්ලිම් නීතියත් විසින් නව අර්බුද රාශියක් නිර්මාණය කරමින් සිටින බව පිළිගත යුතුය.

අද ජනතාව නව ව්‍යවස්ථාවක් හදිසියේ ඉල්ලන්නේ නැත. “වස විස හා රෝග “, “බදු හා ණය”, “ත්‍රස්තවාදය”, ” සොරකම හා දුෂණය” හා “බොරුව”යන පස් වැදෑරුම් බියකින් පසුවන ජනතාව ඉල්ලන්නේ සාධාරණ මිලකට සෞඛ්‍ය සම්පන්න ආහාර පානය, ගුණාත්මක අධ්‍යාපනයක්ය, ගුණාත්මක ,ගුණාත්මක නිවාස ආදී දේ මිස රජ වීමට නොවේ. . නමුත් පසුගිය වසර 70 තුල පට උරුමකළ මෙම දේශපාලනය නිසා ඔබටද අපටද උරුම වී ඇත්තේ කණගාටුදායක තත්වයකි. රටේ සමාජ, ආර්ථික ගැටළු විසඳීමට අපහොසත්, අදක්ෂ පාලකයින්ට හැමවිටම කල හැක්කේ ව්‍යවස්ථා වෙනස් කිරීම, ජාතිවාදය ඇවිලීම හෝ කලබල ඇති කිරීමය. අපට මේ පිලිබඳ ඇති තරම් අතීත අත්දැකීම් ඇත.

සිංහල බෞද්ධයින් බහුතරයක් සිටින මේ රටේ සිංහල බෞද්ධකමට හානි වීම හෝ ව්‍යවස්ථා මගින් කර ඇති රැවටීම් හෝ නැති කිරීම් මේ රටේ අනෙක් ජනවර්ග හෝ ආගමික කණ්ඩායම් වල ගේ සියුම් සතුටකට මග පැදුවද එය ඔවුන් බහුතර අපේක්ෂාව නොවේ. එහෙත් එය අපේ අවුරුදු 2500 කට අධික ලිඛිත ඉතිහාසය, සංස්කෘතිය,අනන්‍යතාවය පිලිබඳ කිසිදු පදනමක්, අවබෝධයක් නොමැති පාලකයින්ගේ දුර්වලකමේ සංකේතයකි.

අපේ රටට අපේම වූ ව්‍යවස්ථාවක් සකසා ගත යුතු බව 2014 සැප්තැම්බර් මස 28 දින හයදහසකට අධික බෞද්ධ භික්ෂුන්වහන්සේලාගේ අනුමැතියෙන් බොදු බල සේනා විසින් ප්‍රකාශ කරන්නට යෙදුනි (එහි අදාළ කොටස පහතින් දක්වා ඇත.).

ව්‍යවස්ථා සංශෝධනයකට හෝ නව ව්‍යවස්ථාවක් ගෙන් ඒමට අප හදිසි විය යුතු නොවේ. එය සිදු විය යුත්තේ පුද්ගල අරමුණු මත පදනම් ව නොව. සිය දුර්වල පාලන ශක්තිය ව්‍යවස්ථාවකින් ආරක්ෂා කර ගත නොහැකි බව අප සියලු දෙනා තේරුම් ගත යුතුය. එහිදී අතීතය, වර්තමානය හා නාගත්ය යන තුන් කල් බලා අපේ අවුරුදු 2500 කට අධික ලිඛිත ඉතිහාසය, සංස්කෘතිය,අනන්‍යතාවය පිලිබඳ මෙන්ම නවීනත්වය සලකා බලා පුළුල් ජනතා සංවාදයකින්, කතිකාවතකින් යුත් ව්‍යවස්ථාවක් සකසා ගත යුතුය. ජනතාව පාලනය කරන පරිපාලන ව්‍යවස්ථාවක් වෙනුවට, රට දියුණු කරන, ජනතාවට සෙත සලසන ව්‍යවස්ථාවක් අප සකසා ගත යුතුය.

මේ පිලිබඳ සලකා බැලීමේදී පහත කරුණු සලකා බැලිය යුතු බව අප යෝජනා කරමු

1) සිංහල බෞද්ධ රජ නීතිය
2) 1815 උඩරට ගිවිසුම
3) දියුණු රටවල ව්‍යවස්ථා

මෙහිදී 2014 සැප්තැම්බර් මස 28 දින හයදහසකට අධික බෞද්ධ භික්ෂුන්වහන්සේලාගේ අනුමැතියෙන් බොදු බල සේනා විසින් ප්‍රකාශ කරන්නට යෙදුනු පරිදි

1) රටේ නම් සිංහලේ වීම
2) රට ඒකීය රාජ්‍යයක් විය යුතුය (මෙහිදී නොර්වේ රාජ්‍යයේ ව්‍යවස්ථාව සැලකිල්ලට ගත හැකිය.
Article 1
The Kingdom of Norway is a free, independent, indivisible and inalienable Realm. Its form of government is a limited and hereditary monarchy.

3) ජාතිකත්වය සිංහලේ වීම ( භාෂා පදනම මත සිංහලේ සිංහල, සිංහලේ දෙමල ජනවර්ග, ආගමික පදනම මත සිංහලේ බෞද්ධ, සිංහලේ හින්දු, සිංහලේ ක්‍රිස්තියානි/කතෝලික, සිංහලේ ඉස්ලාමික ආදී වූ ආගමික කණ්ඩායම් සිටීම)
4) රාජ්‍ය භාෂාව සිංහල වීම- සියලු දෙනා සිංහල ප්‍රවීනත්වය ලැබිය යුතුය- දෙමල භාෂා කතා කරන ජනවර්ග වල භාෂා හා අනිකුත් අයිතීන් ගරු කිරීම කල යුතුය) ඇමරිකාවේ හා එංගලන්තයේ හෝ ක්‍රියාත්මකNaturalization අනුගමනය කල යුතුය.
මෙහිදී නොර්වේ රාජ්‍යයේ ව්‍යවස්ථාව සැලකිල්ලට ගත හැකිය
Article 92
To senior official posts in the State may be appointed only Norwegian citizens, men or women, who speak the language of the Country, and who:

a) either were born in the Realm of parents who were then subjects of the State;
b) or were born in a foreign country of Norwegian parents who were not at that time subjects of another State;
c) or hereafter have resided for ten years in the Realm;
d) or have been naturalised by the Storting.

5) රාජ්‍ය ආගම බුද්ධාගම වීම ( සියලු ආගමික කණ්ඩායම් වල ආගමික අයිතීන් සුරැකීම)

මෙහිදී නොර්වේ රාජ්‍යයේ ව්‍යවස්ථාව සැලකිල්ලට ගත හැකිය.
Article 2
Our values will remain our Christian and humanist heritage. This Constitution shall ensure democracy, a state based on the rule of law and human rights

Article 4
The King shall at all times profess the Evangelical-Lutheran religion.

Article 16
All inhabitants of the Realm shall have the right to free exercise of their religion. The Norwegian Church, an Evangelical-Lutheran church, will remain the Norwegian National Church and will as such be supported by the State. Detailed provisions as to its system will be laid down by law. All religious and philosophical communities should be supported on equal terms.

Article 44
The Princess or Prince who, in the cases mentioned in Article 41, conducts the government shall make the following oath in writing before the Storting: “I promise and swear that I will conduct the government in accordance with the Constitution and the Laws, so help me God, the Almighty and Omniscient.”

(මුලාශ්‍රය https://www.stortinget.no/…/The-Constitution—Complete-te…/)

එංගලන්තයේදී ද සිය ආගමට දී ඇති බලය

The House also has a Church of England role, in that Church Measures must be tabled within the House by the Lords Spiritual.

( මුලාශ්‍රය https://en.wikipedia.org/wiki/Lords_Spiritual)

6) ජාතික කොඩිය 1815 හා 1948 නිදහස් දින යොදා ගත ඉපැරණි සිංහ ධජය විය යුතුය.
7) බුද්ධ ශාසන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කල යුතුය.විශේෂයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල බුද්ධ ශාසනය පැහැදිලි නිර්වචනය කල යුතුය
8) සදාචාරනොවන අන්යාගමීකරණය තහනම් කල යුතුය.
(ඒ සඳහා නේපාල රජයේ ව්‍යවස්ථාව ආදර්ශයට ගත හැක.

Article 31.
Right to religious freedom:
(1) Each person shall be free to profess, practice, and preserve his/her religion according to his/her faith, and distance himself/herself from any other religion.
(2) Every religious denomination shall, maintaining its independent existence, have the right to manage and protect its religious places and religious trusts in accordance with law.
(3) While exercising the right as provided for by this Article, no person shall act or make others act in a manner which is contrary to public health, decency and morality, or behave or act or make others act to disturb public law and order situation, or convert a person of one religion to another religion, or disturb the religion of other people. Such an act shall be punishable by law.

මුලාශ්‍රය http://www.inseconline.org/…/Bill%20Of%20Constitution%20201…)

ආදී වශයෙන් වූ යෝජනා ක්‍රියාත්මක කිරීමට අපි රජයට බල කරමු.

මේ සම්බන්දව සියලු කරුණු අඩංගු නව ව්‍යවස්ථා යෝජනාවලියක් ඉදිරිපත් කිරීමටත්, මේ පිලිබඳ සාකච්චා කිරීමට ඔබගෙන්, අගමැතිවරයාගෙන් සුදුසු අවස්ථාවක් ලබා ගැනීමටත් අපි අපේක්ෂා කරමු.

ස්තුතියි

තෙරුවන් සරණයි

කථිකාචාර්ය දිලන්ත විතානගේ
ප්‍රධාන විධායක නිලධාරී
බොදු බල සේනා

0773218677

අපේ රටට අපේම වූ ව්‍යවස්ථාවක් සකසා ගත යුතු බව 2014 සැප්තැම්බර් මස 28 දින හයදහසකට අධික බෞද්ධ භික්ෂුන්වහන්සේලාගේ අනුමැතියෙන් බොදු බල සේනා විසින් ප්‍රකාශ කරන්නට යෙදුනු අතර එදින අනුමැතියට ඉදිඉපත් වූ කරනු කිහිපයක් පහත දැක්වේ.

සරල , ප්‍රායෝගික , විද්‍යාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකසා සියලු දෙනාගේ සහයෝගයෙන් ක්‍රියාත්මක විය යුතුය.

1815 දී බ්‍රිතාන්‍ය විසින් අපගේ “සිංහල දේශය” අත්පත් කර ගැනීමට පෙර තිබු සිංහල බෞද්ධයින්ගේ ආරක්ෂාව තහවුරු වන කරුණු පිලිබඳ , දැනට ගෝලීයව සිදු වන වෙනස් කම් සැලකිල්ලට ගෙන සිංහල බෞද්ධයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ගැන වූ කරුණු පිලිබඳ හා අපගේ රට ලෝකයේ දියණු රාජ්‍යයක් බවට පත් කිරීම අරමුණු කරගත් කරුණු පිලිබඳ සැලකිල්ලට ගෙන පහත දැක්වෙන මුලිකාංග පදනම් කොට පුළුල් ජනතා කතිකාවතකින් පසුව වසරක් තුල අපේ රටට ගැලපෙන නව ආණ්ඩු ක්‍රමයක් සකස් කොට ක්‍රියාත්මක කල යුතුය. මෙම ව්‍යවස්ථාව සියලු දෙනා පැහැදිලිව තේරුම් ගත හැකි, සැම දෙනාම හොඳින් දන්නා ලේඛනයක් කොට සැම පුරවැසියකුගේම අයිතිවාසිකම් සුරැකීමට කටයුතු කල යුතුය.

ව්‍යවස්ථාවේ තිබිය යුතු මුලික කරුණු
· අපගේ රටේ නම 1815 ට පෙර තිබු “සිංහලේ” ලෙස ( “සිංහලදේශ”) ලෙස නම් කිරීම

· අපගේ රාජ්‍ය “බෞද්ධ රාජ්‍යයක “ ලෙස නම් කිරීම

· සිංහල බෞද්ධයින් මේ රටේ “භුමි පුත්‍රයින්” ලෙස පිළිගැනීම

· බෞද්ධ ධර්මය . බෞද්ධ සාසනය , සිංහල බෞද්ධ සංස්කෘතිය හා භුමි පුත්‍රයින් නිසි ලෙස නිර්වචනය කොට ඔවුන්ගේ ආරක්ෂාව හා පෝෂණය රාජ්‍යයේ ප්‍රධාන වගකීමක් ලෙස නීති රාමුවක් සකස් කිරීම.

· භුමි පුත්‍රයින් නොවන සියලු ජනවර්ග හා ආගමික කණ්ඩායම් වල මුලික මානව අයිතිවාසිකම් සුරැකීම.

· භුමි පුත්‍රයින් නොවන සියලු ජනවර්ග හා ආගමික කණ්ඩායම් වල ආගමික නිදහස එනම් ආගම් ඇදහීමේ අයිතිය තහවුරු කරනු ලැබුවද කිසිදු අන්‍ය ආගමක් ප්‍රවර්ධනය හා ඒ සඳහා ව්‍යුහයන් සකස් කිරීම හෝ කිසු ආකාරයකින් විදේශ ආධාර හෝ රාජ්‍ය ආධාර හෝ වෙනත් ක්‍රම යොදා කටයුතු කිරීම තහනම් කිරීම

· රටේ ජාතික කොඩිය 1815 ට පෙර තිබු “සිංහ කොඩිය” ලෙස නැවත පිළිගැනීම

· රට බෙදීම පිලිබඳ කතා කිරීම හා කිසිදු ආකාරයකින් කටයුතු කිරීම සපුරා තහනම් වේ.

දැනට රටේ ක්‍රියාත්මක වන සියලු අණ පනත් නැවත විචාරයට ලක් කොට භුමි පුත්‍රයින්ට හා රටේ සංවර්ධනයට හිතකර පරිදි නැවත සකස් කොට ක්‍රියාත්මක කිරීම , ඒ සඳහා යාන්ත්‍රණයන් හා කාල රාමු සකසා තීරණය කොට කටයුතු කල යුතුය.

දැනට රටේ ක්‍රියාත්මක සියලු ආයතන හා ව්‍යුහයන් එම නව අණ පනත් වලට අනුව ප්‍රතිසංවිධානය කිරීම හා අවශ්‍ය පරිදි නව ආයතන ස්ථාපිත කිරීම.

රටේ පවතින මැතිවරණ ක්‍රමය සම්පුර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කිරීම හා නව මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කිරීම

රාජ්‍යයේ ප්‍රධානියා “ සඟරාජ හිමි” විය යුතුය. සඟරාජ හිමි විසින් උත්තරීතර රාජ්‍ය උපදේශක සභාවේ අනුශාසන පරිදි රාජ්‍යය පාලනය කරනු ලැබේ.

රජයේ ප්‍රධානියා අගමැති වරයා වනු ඇත. ඒ අනුව වර්තමානයේ ක්‍රියාත්මක වන විධායක ජනාධිපති තනතුර අහෝසි කල යුතුය. එසේ කිරීමට ප්‍රථම පසුගිය දශක කිහිපයක් තුල ස්ථාපිත කල ඇති බෙදුම්වාදී, අන්තවාදී හා ත්‍රස්තවාදී කටයුතු වල යෙදී සිටින හා අනුබල දෙන සියලු ආයතන හා ව්‍යුහයන් විනාශ කිරීමට කටයුතු කිරීම ප්‍රමුඛ තාවයක් ලෙස සලකා කටයතු කල යුතුය.
රටේ ව්‍යවස්ථාදායක බලතල ජාතික රාජ්‍ය සභාව සතු වේ. මේ දක්වා ක්‍රියාත්මක වන පාර්ලිමේන්තුව ඒ අනුව අහෝසි වනු ඇත. ජාතික රාජ්‍ය සභාවේ ඉහල මන්ත්‍රී මණ්ඩලය හා පහල මන්ත්‍රී මණ්ඩලය වහයෙන් මට්ටම දෙකකින් ක්‍රියාත්මක වේ.

පළාත් සභා ක්‍රමය අහෝසි කල යුතුය.

පළාත් පාලන මැතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය එක් මැතිවරණයක් විය යුතුය. එය මහා මැතිවරණය නම් වේ.

මෙහිදී මැතිවරණ බල ප්‍රදේශය හා පළාත් පාලන බල ප්‍රදේශ ඒකමිතියක් ලෙස සලකා ප්‍රතිසංවිධානය කර ඒ යටතේ මැතිවරණය පවත්වනු ලැබේ. අදාළ මැතිවරණයෙදී අදාල මැතිවරණ බල ප්‍රදේශයෙන් වැඩිම ජන්ද ලබා ගනු ලබන පුද්ගලයා එම පළාත් පාලන ඒකකයේ ප්‍රධානියා ( නගරාධිපති/ප්‍රාදේශීය සභා සභාපති) ලෙස මෙන්ම අදාළ ප්‍රදේශය නියෝජනය කරනු ලබන ජාතික රාජ්‍ය සභාවේ මන්ත්‍රී වරයා ලෙස පත් කෙරේ.

ඒ අනුව මන්ත්‍රීවරුන් 200 දෙනෙකු මෙම මැතිවරණයෙන් ජාතික රාජ්‍ය සභාවේ පහළ මන්ත්‍රී මණ්ඩලය ලෙස තෝරා ගැනේ.

රටේ සංවර්ධනයට අවශ්‍ය සියලු වෘත්තීය දැනුම හා කුසලතා නියෝජනය හා සුළු ජනවර්ග නියෝජනය සලකා බලා විවිධ දේශපාලන පක්ෂ වල උපදෙස් හා ඔවුන්ගේ සමස්ත ජන්ද ප්‍රතිශතයන් හා වෘත්තීය සංවිධානවල උපදෙස් සලකා බලා ඉහල මන්ත්‍රී මණ්ඩලය සඳහා මන්ත්‍රීවරුන් 100 දෙනෙකු පත් කරනු ලැබේ.

සියලු නව අණ පනත් හා සංශෝධන මුලින්ම නීති පති දෙපාර්තමේන්තුවේ මුලික අනුමැතියෙන් ජාතික රාජ්‍ය සභාවට එම කෙටුම්පත් ඉදිරිපත් කල යුතුය. අදාළ පනත් පහල මන්ත්‍රී මණ්ඩලයෙන් අනුමත වූ පසු තවදුරටත් අනුමැතිය සඳහා ඉහල මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කල යුතුය. එසේ මණ්ඩල දෙකෙන්ම අනුමත වූ පනත් උත්තරීතර රාජ්‍ය උපදේශක සභාවේ අනුමැතිය යටතේ සඟ රාජ හිමි විසින් අත්සන් තැබීමෙන් පසු රටේ නීතිය බවට පත් වේ.

රාජ්‍ය සේවය, විදේශ සේවය, පොලිස් සේවය , යහපාලන පිරික්සුම් සේවය, අධිකරණ සේවය හා මැතිවරණ සේවය වැනි අංශ වල ස්වාධීනත්වය සුරැකීම සඳහා ස්වාධීන කොමිසන් සභා ක්‍රියාත්මක කල යුතුය.
රටේ නීති පද්ධතිය සම්පුර්ණයෙන්ම ප්‍රති සංවිධානය කරනු ලබන අතර සැම දෙනාටම එක නීතියක් ඇති වන පරිදි දැනට පවතින සියලු පුද්ගල නීති ක්‍රම අහෝසි කෙරේ. භුමි පුත්‍රයින්ගේ ආරක්ෂාව තහවුරු වන සේ සියලු නීති ක්‍රම වෙනස් කල යුතුය.

කිසිදු පුරවැසියකුට කිසිදු තනතුරක් නිසා විශේෂ වරප්‍රසාද හිමි නොවිය යුතුය. ඔවුන් සැම දෙනා අධිකරණය ඉදිරියේ සමාන ලෙස සැලකේ.

සියලු මට්ටම් වල මැතිවරණ වලට තරඟ කිරීමේ දී අපේක්ෂකයින් හට මුලික උපාධියක් හෝ ඒ හා සමාන පිළිගත් අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකමක් තිබිය යුතුය.

ජාතික රාජ්‍ය සභාවට පත්වන නියෝජිතයින් කිසිදු සමාගමක හෝ වෙනත් වෘත්තියක නිරත නොවිය යුතුය. ජාතික රාජ්‍ය සභාවට පත් වන මහජන නියෝජිතයින්ට ඉතාම ඉහල වැටුප් ගෙවීමට කටයුතු කරනු ලැබේ.

රජයේ අමාත්‍ය මණ්ඩලය කැබිනට් මණ්ඩලය පමණක් විය යුතු අතර එම පිරිස විසි දෙනෙකුට (20) වැඩි නොවන ලෙස ව්‍යවස්ථාවෙන් නීති පැනවිය යුතුය.

රජයේ මුදල් වලින් කරනු ලබන කිසිදු සංවර්ධන ක්‍රියාවලියක් ආරම්භ කිරීම, විවෘත කිරීමේදී දේශපාලකයින් උත්සව පැවැත්වීම, සිය නම් සඳහන් විශේෂ ප්‍රචාරක කටයුතු මහජන මුදලින් කිරීම තහනම් කල යුතුය.

රජයේ මහජන නියෝජිතයින් කිසිදු තනතුරකට සිය ඥාතීන් පත් නොකළ යුතු අතර විශේෂ අවස්ථාවක එසේ පත් කරන්නේ නම් ඒ සඳහා ජාතික රාජ්‍ය සභාවේ හා උත්තරීතර රාජ්‍ය උපදේශක සභාවේ අනුමැතිය යටතේ සඟ රජ හිමිගේ අවසරය යටතේ පමණක් සිදු විය යුතුය.
බෞද්ධ සිද්ධස්ථාන හා පුරාවිද්‍යාත්මක ස්ථාන වල ඇති භුමි වල අයිතිව තිබු දැනට පදිංචිව සිටින සියලු පුද්ගලයින් හා ගොඩනැගිලි ඉවත් කල යුතුය.

සියලු නගර හා ගම්මාන වල ජන සංයුතිය භුමි පුත්‍රයින් ගේ නිවැරදි සංයුතිය නිරුපනය වන ලෙස පදිංචි කිරීම සඳහා නිවාස හා පදිංචි කිරීමේ කටයුතු සිදු කල යුතුය.

භුමි පුත්‍රයින්ගේ ජන අනුපාතයට හිතකර වන ලෙස ජනගහන පාලන ප්‍රතිපත්ති හා කටයුතු සිදු කල යුතුය.

භුමි පුත්‍රයින්ගේ ජන අනුපාතයට අහිතකර වන සියලු වන්ධ්‍යාකරණ වැඩසටහන් නීතියෙන් තහනම් කල යුතුය.

අනවසරයෙන් ඉදි කර ඇති සියලු අන්‍ය ආගමික ස්ථාන ඉවත් කල යුතුය.

සියලු දෙනාට පොදු අධ්‍යාපනයක් ක්‍රියාත්මක කල යුතුය.

හලාල් සහතික කරණය තහනම් කල යුතුය.

බුර්කාව හා මුහුණ වසාගෙන ප්‍රසිද්ධ ස්ථානවල ඇඳුම් ඇඳ ගෙන යාම තහනම් කලයුතුය

ෂරියා නීතිය හෝ වෙනත් ආගමික නීතියක් ප්‍රසිද්ධියේ මහජනතාවට බලපාන ලෙස සිදු නොවිය
යුතුය. ඒවා හුදෙක් සිය නිවෙස් වල අභ්‍යන්තර සංස්කෘතියට පමණක් සීමා විය යුතුය.

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

}