අවුරුද්දට 50ක් විතර මියයන හේතුව මෙන්න- ගමම අනතුරේ වෙන්න පුළුවන්

නිසි ක්‍රමවේදයෙන් තොරව දුරකථන කුලුනු ඉදිකර ඇත්නම් එම අවට ප්‍රදේශය අකුණු බහුල ප්‍රදේශයක්‌ බවට පත්වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ අතුල කරුණාරත්න මහතා පවසයි.

ආපදා කළමනාකරණ යාන්ත්‍රණය කාර්යක්‍ෂම කිරීම සහ ඒ පිළිබඳව ජනතාවට තොරතුරු ලබාදීමේ යාන්ත්‍රණය ශක්‌තිමත් කිරීමේ වැඩසටහනක්‌ පසුගියදා කුරුණෑගල සාරගම පිහිටි සෙන්චුරි ලේක්‌ හෝටලයේදී පවත්වන්නට යෙදුණි. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් පවත්වන ලද මෙම වැඩසටහන සඳහා කුරුණෑගල සහ පුත්තලම යන දිස්‌ත්‍රික්‌කවල මාධ්‍යවේදීන් විශාල පිරිසක්‌ සහභාගි විය. එහිදී තව දුරටත් තම අදහස්‌ දැක්‌වූ කරුණාරත්න මහතා,

ඉදිරියේදී අන්තර් මෝසම් වැසි කාලපරිච්ඡේදයක්‌ ඇති වෙනවා. විශේෂයෙන්ම ඒ කාලයේදී අකුණු අනතුරු බහුල ලෙස පවතිනවා. මෙය මිනිසාගේ මැදිහත්වීමකින් තොරව සිදුවන ආපදා තත්ත්වයක්‌. සුළි සුලං, නියඟය, ගංවතුර, සුනාමිය වැනි ඒවත් ඊට අමතරව ඇතිවෙනවා. කාලගුණය හරහා දේශගුණය ඇතිවෙනවා. අනික ඒ දේශගුණික විපර්යාස නිසා එය මිනිසාට තදින් බලපානවා. මෙන්න මේ දේශගුණික විපර්යාස හේතුවෙන් වහින්න ගියාම ගංවතුර එනකම්ම වහිනව. පායන්න වුණාම දරුණු නියඟයක්‌ එනකම්ම පායනවා. මේ හේතුව නිසාම එකම රටේ එක පැත්තක දරුණු නියඟය. තවත් පැත්තක ගංවතුර, උෂ්ණත්වය ඉහළ යැම නිසා ලෝකයේ අයිස්‌ කඳු දියවෙලා පහත් බිම් යටවෙනවා. තවත් අවුරුදු දහස්‌ ගණනක්‌ යනකොට අපේ රටෙත් යාපනය ප්‍රදේශය යටවීමේ ප්‍රවණතාවයක්‌ පවතිනවා.

අකුණු සර අධික කාලයන් දෙකක්‌ දැනට අපි හඳුනාගෙන ඉන්නවා. මැයි මාසයෙ සිට සැප්තැම්බර් මාසය දක්‌වා ඇති නිරිතදිග මෝසම් කාලයත් දෙසැම්බර් සිට පෙබරවාරි මාසය දක්‌වා ඇති ඊසාන දිග මෝසම් කාලයත් වශයෙන් එය හඳුන්වාදිය හැකියි. ඊට අමතරව මාර්තු, අප්‍රේල් වල සහ ඔක්‌තෝබර්, නොවැම්බර් මාසවල පවතින අන්තර් මෝසම් කාලවලදිත් අකුණු වැඩි කාලයක්‌ වශයෙන් සඳහන් වෙනවා. විශේෂයෙන්ම මෙම අකුණු පවතින්නෙ සවස්‌ කාලයට.

මේ අකුණුවලින් සෑම වසරකදීම මිනිසුන් මියයනව. දෙදාස්‌ එකොළහ වසරෙදි පනස්‌ එක්‌දෙනෙක්‌, දෙදාස්‌ දොළහ වසරෙදි හතළිස්‌ අටදෙනෙක්‌, දෙදාස්‌ දහතුන වසරෙදි දහනව දෙනෙක්‌. දෙදාස්‌ දාහතර වසරෙදි විසිපස්‌ දෙනෙක්‌ වශයෙන් වාර්තා වී ඇත. සංනිවේදන කුලුනු ආශ්‍රිතවත් නියමිත ප්‍රමිතියට අනුව ඉදිකර නැත්නම් එම ප්‍රදේශවලත් අකුණු බහුල ප්‍රදේශයක්‌ බවට පත්වෙනව. අකුණු සන්නායක සවිකර නැතිනම් ඉතාමත්ම අනතුරු සහිතයි. එම කුලුන සඳහා විදුලිය ලබාගැනීමේදී ඒ සඳහා වෙනමම ට්‍රාන්ස්‌ෙµdaමරයක්‌ සවිකර නැතුව පොදු පරිහරණ ට්‍රාන්ස්‌ෙµdaමරයක්‌ හරහා විදුලිය ලබාගෙන ඇත්නම් එම නිවෙස්‌වල විදුලි උපකරණ පිළිස්‌සී යැමේ අවදානමක්‌ පවතිනවා.

අකුණු සහිත වේලාවක ගස්‌කොළන් වලින් හීන තැනිතලා බිමක සිටීම අනතුරු සහිතයි. තවද එම තැනිතලා බිමේ තියෙන හුදකලා ගසක්‌ යට ගැවසීම සහ ගසට ස්‌පර්ශවීමද ඉතාමත්ම අනතුරු සහිතයි. රැහැන් සහිත දුරකථන භාවිතය ද අනතුරු සහිත වන අතර, තහඩු සෙවිලි කළ නිවසක්‌ තුළ සිටීමෙන් අනතුරු අවමකර ගත හැකියි. එම නිවස ඉදිකර ඇති කණු යකඩ කණු නම් තවත් ආරක්‍ෂාකාරී තත්ත්වයක්‌ පවතිනව.

කෙසේ හෝ නිසි අවබෝධයකින් යුතුව කටයුතු කිරීමෙන් අකුණුවලින් සිදුවන අනතුරු අවමකර ගැනීමේ හැකියාවක්‌ පවතිනවා.

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

}