ඇප් විකුනපු කෙනාට වඩා යූ ටියුබ් කරලා ලංකාවේ කෙනෙක් හම්බ කරන හැටි

chanux broo

ලංකාවේ අන්තර්ජාලය භාවිතා කරන ඕනෑම කෙනෙක් ගෙන් අහලා බැලුවොත් එයා ප්‍රසිද්ධ යූ ටියුබ් චැනල් කිහිපයක් ගැන කතා කරනවාමතමයි. ඒ අතරින් චනුක්ස් බ්‍රෝ කියන්නේ යමක් ඉගෙන ගන්න කියලා හිතාගෙන අන්තර්ජාලයට එන ශ්‍රී ලංකාවේ ඕනෑම බුද්ධිමත් අන්තර්ජාල පරිශිලිකයෙක් හඳුනන නමක්. ඉතින් නිතරම ලස්සන ප්‍රසන්න සිනහවකින් මුව සරසාගෙන ..

අදත් සිංහල ගීක් ෂෝ එකට මගේ ගීක් යාලුවෝ ඔක්කොම පිලිගන්නවා .. 

කියලා පටන් ගන්න ඕනෑම වීඩියෝ එකක් පුදුමාකාර ලෙන්ගතු කමකින් මේ රටේ දැනුම් පිපාසයෙන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ වැළඳ ගන්නවා කියන එක අහන්නත් දෙයක් නෙමෙයි. ඒ සුන්දර සිනහවත් එක්ක ඔහුටම ආවේනික වූ ඉගැන්නුම් සහ තේරුම් කිරීමේ සම්ප්‍රධාය මේ රටේ දහස් ගණනකගේ තොරතුරු තාක්ෂණ මෙන්ම විවිධ පැතිකඩයන් වල දැනුම් පිපාසය නිවන්නට සමත් උනා. ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් ගීක් යන වදනවත් නොදැන සිටි අමයේ geek.lk වෙබ් අඩවිය ආරම්භ කරමින් තමා ලබා ගත දැනුම බෙදා ගන්නා ගමන් ම තවත් ද්නුමැති සහ දැනුම සොයන ඔවුනොවුන්   එක් කරමින් ප්‍රබල සමාජ මෙහෙවරක් සිදු කරන ලදී. එපමණක් නොව chanukbro you tube චැනලය හරහා බෙදා දුන් දැනුම් සම්භාර   ය මෙතකැයි කිව නොහැකි තරම් වේ.

අද App විකුණමින් කෝටිපතියෙක් වුනු ලසන්ත ගැන ලංකාවම කතා වෙති. ඒ ලසන්ත App විකුණමින් අවුඩි බෙන්ස් ඇති තරමට හම්බ කරද්දී මේ සුන්දර කොල්ලා ලක්ෂ ගනන් මිනිසුන්ගේ හදවත් හම්බ කරගන්නේ ජාති  ම=බේද කුල බෙද පන්ති බෙද සියල්ල සුනු විසුනු කරමිනි.  ඒ එකක්ම chanux Bro ඔප්පු කරා සල්ලි විතරක්ම කියන්නේ ජීවිතය නෙමෙයි කියලා. ඒ නිසයි අද ඔහු ජිවිතේ ජය ගන්න ගමන් රටක ආදරය දිනා ගන්න තරම් වසනා වන්ත වෙන්නේ! විදිහට හිතලා වෙනස් දෙයක් කරපු අපේ එකෙක් අද ජීවිතය ජය ගන්නේ වැඩක් ඇති දෙයක් කරමින් ලංකාවේ බොහෝ දෙනෙක්ගේ හදවතේ ගෞරවනීය මතකයක්ද ඇති කරමිනි. ඔහුගේ ඒ සමාජ මෙහෙවරෙන් දැනුම් පිපාසය නිවා ගත් උන් ලක්ෂ ගණනකි. මිට කලකට පෙර ලංකාවේ අන්තර්ජාල   භාවිතාව ඉතා  අඩු වකවානුවක පවා වෙනස     විදිහට හිතමින් තමන්ගේ හීන සැබෑ කරගත්   මේ සහෘදයා ගැන ඔත්තුකරුවා අපිට කියන්න වැදගත්ම කාරණය මේකයි .

මේ වෙබ් අඩවියේ නිර්මාපකයා වන මා කිසිදු පරිගණක දැනුමක් විධිමත් ක්‍රමයකට කෙදිනකවත් ලබා නැති අතර වෙබ් අඩවි නිර්මාණය ගැන මුල්ම දැනුම ලබා ගත්තේ ද geek.lk  හි පලවූ ඔහුගේ වෙබ් අඩවි නිර්මාණය පිලිබඳ වීඩියෝ  පාඩම් මාලාවක් තුලිනි. අපිට දැනුම ලබා දුන් , මේ රටේ බොහෝ දෙනකුගේ දැනුම් පිපාසය නිවු ඒ සුන්දර කොල්ලගේ chanux Bro යු ටියුබ් චැනල් එකට සබ්ක්රිබ් 100000 පිරුණු දවසේ නිකුත් කරපු  සංවේදී සහ කාටත් ලොකු  ආදර්ශයක් ගන්න පුළුවන් වීඩියෝ එක පහතින්.

ළඟදීම 200000 වීඩියෝ එක ගැනත් දාන්න අපිට අවස්තාව ලැබෙයි … ජයවේවා chanux broo

 

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

}