ජනාධිපතිට අස්වෙන්න වෙන ලකුණු

ශලිල මුණසිංහගේ පක්ෂය නීති විරෝධියි 

ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන ශලීල මුණසිංහ  සභාපති තනතුර දරන පක්ෂයක් මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් පිළිගැනීම සහ එම පක්ෂයෙන් පසුගිය ජනාධිපතිවරණයට මෛත්‍රිපාල සිරිසේන මහතා තරග කිරීම තුල නීතිමය වශයෙන් ගැටලු රැසක් නිර්මාණය වී ඇතැයි දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

ජාත්‍යන්තර මුල්‍ය අපරාධ කරුවකු ලෙස

ශලීල මුණසිංහ සභාපති පදවිය දරන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලියාපදිංචි කිරීමේදී හා පවත්වාගෙන යෑමේදී ඔහු විසින් මැතිවරණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇති තොරතුරු හා ඉදිරිපත් කළ ජාතික හැඳුනුම්පත පිළිබඳ වහාම විමර්ශනය කළ යුතු බවත් මැතිවරණ කොමිසම මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා විමසිය යුතු බවත් ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන පැවැසීය.

ඒකාබද්ධ විපක්ෂය මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් ලබන සතියේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා හමුවී ශ්‍රී ලංකාවේ පුරවැසි භාවයක් නොමැති පුද්ගලයකුට පිළිගත් දේශපාලන පක්ෂයක තනතුරු දැරීමට නොහැකි වන සේ ප්‍රකාශයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින බවද දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය. ශලීල මුණසිංහ, පිළිගත් දේශපාලන පක්ෂයක තනතුරු දැරීම සම්බන්ධයෙන් හා ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන පුද්ගලයන් දේශපාලන පක්ෂවල තනතුරු හෙබවීම සම්බන්ධයෙන් නීති විමසුමක් වහාම සිදු කළ යුතු බවත් නීතිපතිවරයාගේ සහාය ඒ සඳහා ලබාගත යුතු බවත් ජාතික මැතිවරණ නිරීක්ෂණ සංවිධානයේ ජාතික සංවිධායක නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර පවසයි.

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් පවසන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ පිළිගැනීමේ ක්‍රමවේදය වහාම වෙනසක් සිදුකිරීමට පියවර ගත යුතු අතර අදාළ නීතිරීති මැතිවරණ කොමිෂන් සභාව විසින් පැනවිය යුතු බවයි. ශලීල මුණසිංහ පිළිගත් දේශපාලන පක්ෂයක නියෝජිතයකු ලෙස දිගටම පෙනී සිටි බවත් ඔහු මහා මූල්‍ය වංචාවකට අත්අඩංගුවට ගන්නා තෙක් මෙරට පුරවැසිභාවයක් ලබා නොසිටි අයකු ලෙස හෙළි නොවූ බවත් සඳහන් කරන පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මින් ඉදිරියට දේශපාලන පක්ෂ පිළිගැනීමේදී එම පක්ෂවල තනතුරු ධාරීන්ගේ පුරවැසි භාවය විමසුමට ලක් කළ යුතුව ඇතැයි පෙන්වා දුන්නේය.

මෙලෙස පුරවැසියකු නොවන අයෙක් රාජ්‍ය ආයතනයක සභාපති වීමද ගැටලුවකි

ශ්‍රී ලංකාවේ පුරවැසි භාවයක් නොලබා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සභාපති තනතුරක් දැරීම සම්බන්ධයෙන් හා ශලීල මුණසිංහ විසින් ඉදිරිපත් කළ ඔහුගේ ජාතික හැඳුනුම්පත හා සෙසු ලියකියැවිලි සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂන් සභාව මෙම මස 19 වැනිදා බ්‍රහස්පතින්දා රැස්වන බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවැසීය.

කෙසේ හෝ නීති විශාරදයන් පෙන්වා දෙන පරිදි මෙසේ නීති විරෝධී ලෙස වංචා සාහගත ලෙස ව්‍යාජ ලේකන ඉදිරිපත් කර සෑදු පක්ෂය නීති විරෝධී වනවා මෙන්ම ඒ අනුව ජනාධිපතිවරණයේදී එම පක්ෂයෙන් අපේක්ෂකත්වය දරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ අපේක්ෂත්වය ද නීති විරෝධී වනවා. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව තුල පැහැදිලිව දක්වා තිබෙන් නේ පහත පරිධි.  

ජනාධිපති ධුරයට තෝරා පත් කර ගනු ලැබීම සඳහා සුදුසුකම් ලබා ඇති කවර වූ හෝ පුරවැසියකුගේ නම -(අ) පිළිගත් දේශපාලන පක්ෂයක් විසින්¦ හෝ (ආ) ඔහු ව්‍යවස්ථාදායකයෙහි තෝරා පත් කළ මන්ත්‍රීවරයෙක්ව සිටී නම් නැතහොත් එසේ මන්ත්‍රීවරයෙක්ව සිටියේ නම්, වෙනත් යම් දේශපාලන පක්ෂයක් විසින් හෝ යම්කිසි ඡන්ද හිමි නාම ලේඛනයක නම ඇතුළත් ඡන්ද හිමියකු විසින්¦ හෝ ජනාධිපති ධුරය සඳහා යෝජනා කරනු ලැබිය හැක්කේ ය.උපුටා ගැනීම ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

මෙම තත්වය මත ජනාධිපති වරයා ඉල්ලුම් කරන ලද පක්ෂයේ නීත්‍යානුකූල භාවය අහෝසි වන නිසා ජනධිපතිවරයාගේ අපේක්ෂකත්වයේ නිත්‍යානුකුල භාවයද අහෝසි වනවා . එවිට නිත්‍යානුකුල නොවන අපේක්ෂකයකුගේ පත්වීම පවා අහෝසි විය හැකි බවයි මැදහත නීති සහ දේශපාලන විශාරදයන් පවසන්නේ.

හැමෝටම දැනගන්න සේයාර් කරන ගමන් අදහසත් කියාගෙනම යන්න

ඔයාට අපේ ලියුම් හැම එකක්ම නොවරදි ඊමේල් එකට ගෙන්වා ගන්න ඔයාගේ ඊමේල් එකත් අපිට ලබා දෙන්න දකුණු පැත්තේ ඉහලින් තියෙන තැනින්.

 

Comments

අදහස් ලියන්න

3 thoughts on “ජනාධිපතිට අස්වෙන්න වෙන ලකුණු

    • October 15, 2017 at 6:40 am
      Permalink

      ස්තුතියි ප්‍රියන්ත..

      Reply
    • October 15, 2017 at 6:42 am
      Permalink

      ප්‍රියන්ත ඔබගේ විද්‍යුත් ලිපිනය අපගේ වෙබ් අඩවියට ඇතුල් කිරීමෙන් අපගේ ලිපි නොවැරදීම ඔබ වෙත ලබා ගත හැකියි.

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

}