විල්පත්තුවේ අයිතිය බදුරදින්ටම දෙයි

පරිසර අන පනත්, නීති අමු අමුවේ කඩා දමමින්, සිය අත්තනොමතික දේශපාලන බලය යොදාගෙන අමාත්‍ය රිෂාද් බදියුදීන් විසින් මේ මොහොතෙත් සිදු කරමින් පවතින විල්පත්තු රක්ෂිතයේ මහා වන සංහාරය පිළිබදව ස්වර්ණවාහිනී නාලිකාව ඊයේ (13) රාත්‍රී ප්‍රවෘත්ති විකාශය ඔස්සේ විශේෂ වාර්තාවක් ඉදිරිපත් කළේය.

විල්පත්තු රක්ෂිතයේ පරිවාර වනාන්තර අධි රක්ෂිත කළාපයක් බවට පත්කරමින් ජනාධිපතිවරයා විසින් පසුගිය මාර්තු මාසයේදී නිකුත් කළ ගැසට් පත්‍රය පවා උල්ලංඝණය කරමින් එම රක්ෂිත කළාපයට අයත් වනාන්තර පද්ධතිය සූක්ෂම අයුරින් ජනාවාසකරණය කරමින් පවතින ආකාරය එමගින් මනාව පැහැදිළිවේ. එම වාර්තාව පහතින්.

මේ අතර ඔත්තුකරුවා වෙබ් අඩවිය මගින් මෑතක සිට නැවත විනාශ කරමින් පවතින අනුරාධපුර අන්දරවැව ගලායය රක්ෂිතය පිලිබදවද අනාවරණය කළා . ඒ වුවත් අද වන තුරු පරිසර ඇමති ලෙස ජනාධිපති තව්මති නිදි වැදී සිටීම විමතියට කරුණකි 

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

}