ජනපති එන උත්සවෙත් පන්සිල් බෑ.. සහජීවනය ඉතා ඉහලයි!

ලෝක තැපැල් දින 143 වන සැමරුම මේ මස 09 පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේදී පැවැති අවස්ථාවේදී පන්සිල් සමාදන් වීම ඇතුළු ආගමික වතාවත්වසිදු  කර නොතිබුණු බව වාර්තා වේ.

වැඩම කර සිටි සංඝයා වහන්සේලා මේ හේතුවෙන් මද වෙලාවක් එම ස්ථානයේ රැදී සිටීමෙන් අනතුරුව නික්ම ගොස් ඇත.

මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් ඇමති එම්.එච්.ඒ හලීම්ගේ නියෝග පරිදි සංවිධානය කර තිබුණු මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී විය.

ඕනෑම උත්සවක් ආරම්භයේදී ආගමික වතාවත්වල යේදීම චිරාගත සම්ප්‍රදායක් වෙයි. රාජ්‍ය නායකය සහභාගී වන උත්සවවලදීද මෙතෙක් කලක් එම සම්ප්‍රදාය අනුගමනය කළේය. සෙත් පිරිත් සඡ්ඡායනය කිරීමද බොහෝ අවස්ථාවලදී සිදුවිය. “සංදියාවේ“ නාමයෙන් දැන් ඒවාට ඉඩ නැත.. “බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමීම රජයේ වගකීමක්“ යැයි වදනක් නාමිකව හෝ ව්‍යවස්ථාවේ පවතිද්දී, රාජ්‍ය නායකයා ඉදිරියේදීම අන්තවාදීන්ගේ උවමනාවන් මෙලෙස ඉටුවෙනවානම්, වචන හරඹවලින්, යටි උගුල්වලින් “බුද්ධාගමට ප්‍රමුඛස්ථානය“ නව ව්‍යවස්ථාවෙන් ඉවත් කළහොත් සිදුවන ටික හිතාගත හැකිය.. දැන්වත් සංහිදියා පරයන්ගේ ඇස ඇරේවා 

මේ ලිපිය තවත් කෙනකුට පෙන්නෙන ෂෙයාර් කරමු නේද?

අපේ ලිපි ඔයාට මිස් වෙන්නේ නැතිව බලන්න ඔයාගේ ඊමේල් එක දකුණු පැත්තේ උද තියෙන තැනින් ඇතුලත් කරන්න 

Comments

අදහස් ලියන්න

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.