යුද්ධය නිමාව සහ කීබෝර්ඩ් වීරයන්ගේ ආගමනය

යුද්ධය නිමා වී දශකයකට ආසන්නව වී ඇත. එනම් අපේ ජිවිත කාලයකින් 7/1 වන පමණ සාමානයෙන් අදහස් කල හැක. අද පෙරට වඩා තාක්ෂනය අපේ රට වෙලාගෙන ඇත. අන්තර්ජාලය සියල්ලෝම එකට සම්බන්ධ කරමින් සන්නිවෙධනය පුළුල් පරාසයක් තුල විහිදුවා ඇත. අද වෙනවිට රටේ ප්‍රධාන ගැටළු සියල්ලම පාහේ ප්‍රසිද්ධ මාධ්‍ය වලට වඩා කලින් මුහුණු පොතේ අප්ඩේට් වීම සාමාන්‍ය සිධු වීමක් බවට පත් වී ඇත. හැමෝටම තම තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ හැකියවා උපරිමයෙන් ලැබී ඇත. ( මේ තාක්ෂණික හැකියාව පිලිබන්ධ මිස ඉලව් යාම පාලනයේ ඊනියා මාධ්‍ය නිදහස ගැන නොවේ ) අපි ඒ හැකියාවන් අද උපරිමයෙන් භුක්ති විඳිමින් සිටින්නෙමු. 

මෑත කාලය පුරාවට පවතින රජය ජාතික ගැටළු පිලිබ්න්ධ දරු ආකල්ප හා ක්‍රියා පිළිවෙත් පිලිබඳ අපටද  ප්‍රබල විවේචන ඇත. නමුත් කිහිප අවස්ථාවකදී  මුහුණු පොතේදී මේ යමපලනයේ වැරදි වලට යුධ හමුදාව හෝ ත්‍රිවිධ හමුදාවට අසභය ලෙස අපහාස කරන අයුරු දක්නට ලැබුණි. එදා හමුදා සෙබලාගේ ඇට  ලේ මස්පමණක් නොව ජිවිතයම දැන් දෙමින් නිමා කල යුද්ධයෙන් පසු අද නිදහසේ හුස්ම ගනිමින් ඒ කැපකිරීම කරන ලද උන්ටම ගරහන ඇමතු ෆේස් බුක් ගිණුම් අපි දැක ගත්තෙමු. මේ එවන් එක ඊනියා කාඩ්බෝර්ඩ් වීරයකු හමුදාවේ සාමාජිකයන්ට පල කල අදහසකි.

මේ මහා ජාති හිත්ය්ෂි මේ වීරයා යුධමය කාල වකවානුව තුල අම්මගේ අතේ එල්ලී චූ කරන්න යන්නටත් බය වන්නට ඇත. දැන් හදිසියේ මුන්ට ජාත්‍යාලය පහල වී ඇත. රටකට ජාතියකට ආදරේනම් මුන් මෙලස ලොවෙත් කතා නොකරනු ඇත. ඌ නොදන්නවා උනාට හමුදාවේ බහුතරය තවමත්ස යුද්ධයට සක්‍රිය දායකත්වය දක්වපු උනය . එහෙව් උන් මේ තරිදු කියන විදිහට පොන්න්යෝ උනානම් පස්සෙන් පස්සට ගොස් මුහුදට දකුණෙන් අපි වැටී අවුරුදු ගණනක් ගත වන්නට තිබුණු බව මේ නොදරුවාට නොදැනෙනවා විය හැක.  මින් සියල්ලෝ ත්රුම් ගත යුතු දෙයක් ඇත එනම් හමුදාව යනු කලින් කලට පත්වන ආණ්ඩු වලට පක්ෂ ආයතනයක් නොව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට පමණක් පක්ෂ වන බවයි. එසේ කියා හමුදාවට CTB හෝ CGR නැත්නම් Fort එකේ වගේ උද්ගෝෂණ කරන්න්ටනම් බැරිබව උන් දැනගත යුතුය. 

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

}