මල්ලි සැපක් අරගෙනම යන් .. එළිපිට ගැහැණු විකුණන අනුරාධපුර යේ පිමිපියන්ගේ කෙරුවාව!

එළිපිට ගැහැණු විකුණන අනුරාධපුර යේ පිමිපියන්ගේ කෙරුවාව!

අනුරාධපුරය යනු මෙරට ජනතාව බොහෝ ආදරය කරන එසේම බොහෝ භක්තියෙන් යුතුව සිහි ගන්වන පුරවරයකි. ශ්‍රී ලාංකීය ඉතිහාසයේ නොමැකෙන යුගයක නටබුන් මෙන්ම සජීවී බෞද්ධ අපේ මුදුන් මල්කඩක් වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින පුරය වශයෙන් වචනයෙන් පවා ගරුත්වයක් ලබන පුරවරයකි. මෙපුර ශ්‍රී ලංකාවේ අනන්‍ය තාවය වශයෙන්ද අපට හඳුන්වා දිය හැක්කේ පෞරාණික වටිනාකම අතින් අනුරාධපුරය ශ්‍රී ලංකාවේ කිසිදු තැනකට දෙවැනි වන්නේ නැත.

අනුරාධපුරය යුධමය වකවානුව තුල අර්ධ  මිලිටරිකරණය ට නතුවූ නගරයක් යයි කිවහොත් නිවැරදිය. මන්ද යත් රටේ උතුරු පෙදෙසට විශාල වශයෙන් හමුදා සාමාජිකයන් සේවයට යෙද්වෙද්දී ඒ පිරිස් නිතර එහා මෙහා ගිය නගරයක් ලෙස අනුරාධපුරයට හිමි වුයේ ප්‍රධාන ස්ථානයකි. ඒ බව අනුරාධපුර නගරය පුරා ඇති හමුදා අම්පන්න සහ ඇදුම් පැළදුම් වෙළඳසල් ප්‍රමාණයෙන් වටහා ගත හැක. අද වන විට සෘජුවම යාපනය ඇතුළු උතුරු නැගෙනහිර ප්‍රදේශ දක්වා ප්‍රවාහන  පහසුකම් හමුදා පිරිස් සලසා ගැනීම නිසා හමුදා පිරිස් නගරය තුල සරි සැරීම පෙරට වඩා යම් අඩුවක් තිබුනත් නගරය ආශ්‍රිතව  ඉදිවී ඇති ස්ථිර හමුදා කඳවරු මෙන්ම තවමත්  තම හමුදා අවශ්‍යතා සපුරා ගැනීමට නගරයට ඇදෙන හමුදා සාමාජිකයන් සැලකිය යතු ප්‍රමාණයක් අනුරාධපුරයට දෛනිකව පැමිණඉම සිදුවේ.

ඔත්තුකරු අපිට අහන්න ලැබුණු අමුතු ඔත්තුව!

ඔත්තුකරු අපි දන්නා අදුනන එක හමුදා සාමාජිකයෙක් අපිත් එක්ක පුංචි පහේ සාදයකට සහභාගී වෙලා ඉන්න වෙලාවක අපිට අමුතුකතාවක් කියන්න උනා.  මමනම් කොහොමත් මේ රටේ ගොඩාක් ආදරය කරන ටවුමක් නම් ඒ අනුරාධපුරේ තමයි. මොකද මම පුචි කාලේ ඉඳලම හිතුවේ වැවයි දාගැබයි ගමයි පන්සලයි සංකල්පයෙන් ගොඩනැගුනු සංස්කෘතිය කින් එන මිනිස්සු ගොඩාක් අව්‍යාජ ගති පැවතුම් ඇති මිනිස්සු ඉන්න නගරයක් වෙන්න ඇති අනුරාධපුරය කියලා. හැබැයි අපේ හමුදා මිත්‍රයා කියපු කතාවනම අමුතු එකක්. ඒ යාලුවා කියන විදිහට අමුතු එයාගේ වචනයෙන් කියනවනම් කොලබ වත් නැති කපුටෝ ඉන්නේ අනුරාධපුරයේ කියලයි එයා කියන්නේ. හමදාවේ කොල්ලොන්ව සුරගෙන කන , පුලුවන් තරම් කපටි උන්ගෙන් ගණහ ජරාම ටවුන් එකක් විදිහට එයා දැකපු අනුරාධපුරයේ කතා ගොඩාක් අතර එළිපිටම ගැහැණු විකුණන කතාවක් ගැන එයා කියපු කතාව අපිට හිතා ගන්නත් බැරි නිසා අපි කල්පනා කළා ඒ ගැන පොඩි ගවේෂණයක් කරලා බලන්න ..

ඔත්තුකරු අපි අමුතුම ගවේෂණයක….

ජයාරුපය සිටින පුද්ගලයන් හෝ ආයතන මෙම ලිපියේ මතු කරන කරුණු වලට අදාළ නොවන බව කරුණාවෙන් සලකන්න .

අපි අනුරාධපුරයට ගවේෂණයට ගියේ රහසිගත කැමරා අරගෙනත් නෙමෙයි. කිසිම  වෙස් වලා ගැනීමක් කරලත් නෙමෙයි. හැබැයි අපි එකම එක දෙයක් කළා ඒ අපි හමුදා සාමාජිකයන් දෙන්නෙක් විදිහට හැඟෙන පරිදි අපේ ඇඳුම පැළඳුම, වගේම කොණ්ඩය රැවුල පොඩ්ඩක් වෙනස් කරගත්තා.. ඒ කියන්නේ ලොකු බෑග් දෙකක් එල්ලගෙන මහත්තුරු විදිහට ඇඳගෙන අපි දෙන්නා දන අනුරාධපුර පරණ බස් නැවතුම් පොලේ නෙළුම්කුලම බස් එක ගාල් කරන තැන පරණ ම පරණ බස් නැවතුමේ බැම්මට හේත්තු වෙලා ටිකක් වෙලා බලාගෙන හිටියා..

ජයාරුපය සිටින පුද්ගලයන් හෝ ආයතන මෙම ලිපියේ මතු කරන කරුණු වලට අදාළ නොවන බව කරුණාවෙන් සලකන්න .

 

 

 

 

මල්ලි කොහෙද යන්නේ? නිවාඩුද ? නිවාඩු ඉවරද? කොර්ස් එකක්ද?

anp
ජයාරුපය සිටින පුද්ගලයන් හෝ ආයතන මෙම ලිපියේ මතු කරන කරුණු වලට අදාළ නොවන බව කරුණාවෙන් සලකන්න .

ඔනන අපි පොඩ්ඩක් එලියට බැහැලා ඇවිදින්න හදනකොට අපිව  දන්නා කියන ගානට ගොඩාක් ය හොඳට හිනාවෙලා කතා කරන්න ගත්තා. මේ ගොඩාක්ම ත්‍රි රෝද රථ රියදුරන්.  මේකනම් ඉතින් සාමාන්‍ය ඕනෑම කෙනෙක් කරන වෙළඳ උපක්‍රමයක් කියලා අපි හිතාගෙන ටිකක් තරුණ කෙනෙක් ඉන්න ත්‍රි රෝද රථයකට ගොඩවුනා . හම්මෝ මෙන්න ප්‍රශ්න ගොඩාක් අපි දෙන්න ඉස්සරහ.  මල්ලි කොහෙද යන්නේ? නිවාඩු ඉවරද? අදම යන්න ඕනෙද? දවසක් ඉන්දලා යන්න පුලුවන්ද? රැ වෙලා කොලබට යන්න බස් ඕනේ තරම් තියෙනවානේ…

මොකද කියන්නේ .. සැපක් අරගෙන්මම යන් මල්ලි… මම දන්නා සුපිරි තැනක් තියෙනවා.. පොඩි කෙල්ලෝ ඉන්නේ. අලුත් ඒවා.. පොලිසියෙන් එන්නෙත් නැ රුම් එකටත් එක්ක 3500 ට වගෙත් සෙට් කරගන්න පුළුවන්. මොකද කියන්නේ? අපි දෙන්නා ගැන මොනවත් නොදන්නා මෙයා එයාගේ බිස්නස් එක ගැන ඔක්කොම විස්තර මෙයා කියලා ඉවරයි… හ්ම්ම් අපි දෙන්නා බැ අය්යේ ලොකුය් වැඩක් අද කම්ප එකට යන්න ඕනේ! කියලා අලුත් බස් ස්ටෑන්ඩ් එකෙන් බැස්සේ එයා අයෙ අයත් කරපු ඉල්ලීම් වලට නතු නොවී එයා අයෙ අවොත් කතා කරන්න කියලා දුන්නු පොන් නම්බර් එකත් සාක්කුවේ දාගෙන .. හැබැයි කොච්චර හිතවත් කමට කතා කලත් ටිකක් වැඩිපුර ගැනනම් අයකරන්න එයාට අමතක උනේ නැ !

අතවනන රති සැප!

සාමානයෙන් ගණිකා වෘත්තියේ යෙදෙන ගැහැණිය තම ගැනුම් කරුවකු සොයා ගැනීමට ඉලක්ක කරමින් පිරිමින්ට අත අවන්න හැටි අගනුවර අදුරු විදි වල ඕනෑතරම් අප දැක ඇත. එහෙත් අනුරාධපුරයේ සිදු වන්නේ ඊට හාත් පසින් වෙනස් සංසිද්ධියකි. ත්‍රිවිල් වලින් ඔලු දමාගෙන හමුදාවේ කියලා හිතන්න පුළුවන් හැමෝටම මල්ලි එන්න..ස් …. ස්  … මල්ලි කොහෙද යන්නේ? එන්න මොකද වෙන්න ඕනේ.. කියලා මේ කැ ගහන්නේ මල් විකුණන අය්යලා වගෙය. මේ ඔක්කොම හදන්නේ අපිට උන්ගේ භාෂාවෙන්න්ම කියනවනම් බඩුවක් ගස්සනය. ඒ තරම් උන් ඒ වැඩේට කැපවෙලා ඉන්න හැටි පුදුමාකාර තරම් අප්පිරියා දසුනකි. අපේ භාෂාවෙන් විකිනෙන ගැහැණිය ගණිකාව ය. ඒ අසරණ ගැහැණිය විකුණන එකා පිම්පියා නම් වන්නේය..

අමුතුම පිම්පියෝ!

පිම්පියෝ

 

මේ කතා සියලුම ත්‍රි රෝධ රථ රියදුරන්ට නොවේ . සුළුතරයක් නිසා බහුතරයද අවලාද අසා ගන්නා බවට මතක තබා ගන්න. මේ ගැහැණු විකුණන්නට වලිකන උන ඉතින් සිංහල භාෂාවේ හැටියට පිම්පියා කියලාම අපි හඳුන්වන්නෙමු. මේ පිම්පිය්න් ළඟ අපි කියන ඕනෑම විදිහකට ගැලපෙන, (අනිවාර්යෙන්ම මුදලට ගලපා ගත යුථුය) එක එක ජාතියේ කෙල්ලෝ විකුණන්නට ඇත. උන්ට අනුව මේ හැමෝටම දෙන එකක් නෙමෙයි. මල්ලිට හින්දා සෙට් කරලා දෙන්නම්..(හැබැයි මේ පිම්පියා මා අදුන්නේ මිට විනාඩි 3-4 කට උඩදීය) සුපිරි කැල්ල … බන්දලා ඉන්නේ.. මගේ යාලුවෙක් උ සෙට් කරන්නේ?  මේ ආදී අමුතු කතා මේ පිම්පියා පවසන්නේ කොහොම හරි බිස්නස් කරගන්නටය..

අපේ නංගි .. අවුලක් නැ .. පිම්පියා උගේ ගතිය නිර්ලජ්ජිතව..

රැ වෙනකොට පිම්පියෝ හොඳටම ඇක්ට්ව් වෙති. දැන් ඉතින් පාරේ ඉන්නේ ඔක්කොම වගේ හමුදාවේ කොල්ලෝ බව බැලු බැල්මට පේනවා.. පිම්පියෝ උන්වම මේ ඉලක්ක කරන්නේ හමුද්දවේ කොල්ලෝ රාජකාරියේ තියෙන දුෂ්කරත්වය නිසා බොහෝ විට මෙවන් දෙයට එකඟ වන හා , වියදම් කරන්නට ලොස් නැති වෙන නිසා බව පැහැදිලිය. අපිත් ගොඩාක් රැ වෙලා අලුත් බස් නැවතුම් පොලේ ඉඳලා දුම්රිය පොලට එන්න හිතාගෙන ත්‍රි විලයකට නැග්ගේ එතන නවත්තලා තිබ්බ එකකට නෙමෙයි. මගින් අත දාලා ගමනක යන එකකට. අත දාපුවහම තමයි දැක්කේ මේ වාහනයේ ඇතුලේ තවත් කාන්තාවක් ඉන්න බව. නගින්න්ද එපාද කියල හිත්ත්දී රියදුරා ඉස්සර උනා.. අපේ නංගි .. මල්ලි නගින්න අවුලක් නැ …. අපිත් නැගලා දැන් එනවා පොලිසිය පහුකරලා බැංකු ටවුන් එක හරියට එනකොට රියදුරා අපෙන් අහනවා කොහෙද යන්නේ කොර්ස් එකක්ද? නිවාඩුද? අදම යන්න ඕනෙද? මල්ලි ඕනෙනම් ෆන් එකක් අරන් යන් .. අපේ නංගි ඉන්නේ අවුලක් නැ .. මොකද කියන්නේ නංගිව එක්ක යන්න … දෙන්නටම රු 3000 ක් දෙන්න මොකද කියන්නේ?

හම්මෝ මෙහෙමත් පිම්පියෝ.. උගේ නංගි නොවෙන්න ඇති! එත් උ උගේ නංගි කියලා කියනකොට ඒ ගැන පුදුමාකාර පිළිකුලක් දැනෙන එක අහන්නත් දෙයක්ද?

පසුවදන සහ අලුත් කතාවක පෙරවදන

මේ කතාව කියවලා කුණු රසයක් ගන්න හිතාගන අනුරාධපුරේ යන්න එපා. හිතන්න ඔයාගේ පුතා මේ වගේ උන්ගේ ගොදුරක් විය හැකියි  නේද? මේ සිද්දිය තවත් නගරයක සිදුවන දෙයක් විය හැකියි. හමුදා කොල්ලෝ විතරක් නෙමෙයි සල්ලි තියෙනවනම් ඕනෙම පුංචි පාසල් කොල්ලෙක් උනත් මේ පිම්පියෝ ට්‍රාගට් කරන බව අමුතුවෙන් කියන්න දෙයක් නැ .. මෙන්න ප්‍රධාන මාධ්‍ය ආයතන, පොලිසිය, ළමා හා කාන්තා කාර්යාංශ වගේ ඕනෙම කෙනකුට අපෙන් කතාව ගැන පුංචි ඉඟියක්.. යන්න පොලිස් මහතුනි පය තියලා බලන්න අපේ උරුම නගරයේ කිර්තිය විනාශ කරනවා.. බලන් ඉන්න එපා.. අපි කරපු විදිහට පය තියලා බලන්න.. පිමිපියෝ තරම හොයා ගන්න පුළුවන්..අන්තිමට අපේ යාලුවා අපිට කියපු කතාව කියන්නම්…

මචන් මටනම් ගණිකාවෝ ගැන දුක් හිතනවා.. හැබැයි මේ පිම්පියෝ නම් මහා කරුමයක්.. මුන්ර එරෙහිව නීති නැද්ද?

 

අනුරාධපුර නගරයේ සියලු ත්‍රි රෝද රථ රියදුරන් ගැන නොවේ.. සුලුතරක් ගැන පමණි. බොහෝ සංවේදී මෙන්ම, හික්මුණු ත්‍රි රෝද රියදුරන්ද අපි ඇසුරු කෙළෙමු…

දින 9ක් පුරා අනුරාධපුර නගරය තුල සිදු කෙරුණු අමුතුම ගවේෂණ ඔත්තුකරු වෙබ් අඩවියෙන් ළඟදීම බලාපොරොත්තු වන්න 

ඔබේ අදහස් අපට ලියන්න..

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

}