ඉන්දියාවේ කර්ණාටකය වෙනම කොඩියක් ඉල්ලයි!

ලංකාවට බලය බෙදන්න එපා කියන්නේ මෙන්න මේ නිසයි.. ඉන්දියාවේ එක්සත් භාවයට තර්ජනයක්!

නීත්‍යනුකූලව තමන්ගේම ධජයක් භාවිත කිරීමට ඇති හැකියාව පිළිබඳ දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්ත ආණ්ඩුව කරුණු අධ්‍යයනය කරමින් සිටී.කර්ණාටක ප්‍රාන්ත ආණ්ඩුවේ බලය හොබවනු ලබන්නේ ජාතික වශයෙන් එරට විපක්ෂය නියෝජනය කරන කොංග්‍රස් පක්ෂය විසිනි.

සිය සංස්කෘතික අනන්‍යතාව දැක්වෙන කහ සහ රතු පැහැයෙන් සමන්විත නොනිල ධජයක් මේ වනවිටත් එම ප්‍රාන්තය සතුව ඇත.ඉන්දියාවේ නිල ධජයක් භාවිත කරන එකම ප්‍රාන්තය ජම්මු-කාශ්මීරයයි. ඒ සඳහා ඇති අයිතිය එරට ව්‍යවස්ථාවෙන් තහවුරු කරනු ලැබ තිබේ.

වෙනම ධජ භාවිත කිරීම මගින් ඉන්දියාවේ එක්සත්භාවය යටපත් විය හැකි බව විවේචකයෝ පවසති. මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ ද බලය බෙදා හැර ඉන්දියානු මොඩලයක් ස්ථාපිත කිරීමට දත කන වල් බුරු දේශපාලකයන් සහ නපුන්සක NGO කාරයන් හට ඔවුන්ගේ පශ්චාත් භාගයේ සඟවාගෙන ඇති මොළ ගෙඩි ඉහලට ගෙන සිතා බැලීමට බල කරන සිදුවීමක් බව අපේ මතයයි.

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *