බෙන් ට LTTE සිරකරුවන් හමුවෙන්න අවසර දුන්නේ කවුද? ජනපතිත් අන්දමන්දයි!

මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද ප්‍රධානී බෙන් එමර්සන්ට එල්.ටී.ටී.ඊ රැදවියන් හමුවී සාකච්ඡා කිරීමට අවසර දුන්නේ කවුදැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (18) පැවති කැබිනට් හමුවේදී විමසා ඇත. ත්‍රස්තවාදී සැකකරුවන් හමුවී සාකච්ඡා පැවැත්වීමට කිසිදු රටක් විදේශීය නියෝජිතයන්ට අවසර ලබා දෙන්නේ නැති අතර, බෙන් එමර්සන්ට කොටි රැදවියන් හමුවීම සදහා අවසර දී ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් බවද අනාවරණය වී තිබේ.

මෙලෙස සාමාන්‍ය නිතිය හා සම්ප්‍රධායන් පවා අබිබවමින් රජයේ ඇමතිවරු තම පුද්ගලික මත වලට අනුව ක්‍රියා කරමින් පාවා දෙමින් සිටින්නේ මෙරට ස්වාධිනත්වය බැවින් මේ පිළිබඳව ජනාධිපති වරයා විසින් මිට වඩා සෘජු තීරණයක් ගත යුතු බව බොහෝ විද්වතුන් විසින් පෙන්වා දී තිබේ.

වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාරයේදී කොටි රැදවියන් හමුවීමෙන් අනතුරුව සිය ශ්‍රී ලංකා සංචාරය පිළිබදව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් බෙන් එමර්සන් චෝදනා කර සිටියේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රදවාගෙන සිටින්නන්ට වධ හිංසා සිදුවන බවයි. මානව හිමිකම්, ප්‍රතිසංස්කරණය හා යුක්තිය පිළිබද ක්‍රියාවලියේ ප්‍රගතිය බෙහෙවින් මන්දගාමී වී ඇති බවද රජයට චෝදනා කරමින් ඔහු කියා සිටියේය.

 

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.