හාමුදුරුවන්ට පුජා කරන පිරිකර එකතු කරන්න රජයේ නිලධාරියෙක්!

භික්‍ෂූන් වහන්සේලා බණ පිරිත්වලට වැඩම කිරීමේදී බූජා කරන අට පිරිකට එකතු කරගෙන යන්නට ආණ්ඩුවෙන් කිසිවෙකු හෝ එවාවිදැයි අද සිදුවන දේ දෙස බැලූ විට කල්පනා වන බව රාවණ බලය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පවසති.

උන් වහන්සේ මේ අදහස් පල කලේ අස්ගිරි මහා විහාරයේදී එම පාර්ශවයේ මහා ලේකඛාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සමග පැවති සාකච්චාවකදීය.

විහාරස්ථානවලට දායකයන් පූජා කරන දේ කිසිවෙකු ගන්නේ නම් එය කොල්කෑමක් බව එහිදී අදහස් පල කල ලේකඛාධිකාරී හිමියෝ කීහ. මෑතකදී සිට දබුල්ල රජමහා විහාරය . කන්දේ විහාරය, කොත්මලේ මහා විහාරය වැනි විහාර වල සඟ සතු දේපල රජය අයත් කර ගැනීමට ඉතා පිළිකුල් සහගත ලෙස ක්‍රියා කරමින් සිටීම පිළිබඳව එහිමියන් එසේ අදහස් පල කරන ලදී.

පහලින් එහිමියන්ගේ අදහස් පළකිරීම (වීඩියෝ)

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.