මඩකලපුවෙන් සහජීවනය දෝර ගලයි ..

මඩකලපුව මංගලාරාම විහාරස්ථානය ලේකම්වරයාට මුස්ලිම් සංවිධානයක් පහරදී ඇති බව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් පවසනවා. ලේකම්වරයාට අතපය කැඩෙනකම් පහරදී ඇති බවත් මේ වන තෙක් මඩකලපුව පොලිසිය ඒ සදහා නීතිමය පියවරක් ගෙන නොමැති බවත් එහිමියන් වැඩිදුරටත් කියා සිටී.

මඩකලපුව නගරයේ ඇති එකම බෞද්ධ විහාරස්ථානය වන මංගලාරාමය දිගින් දිගටම මුස්ලිම් අන්තවාදීන්ගේ ගොදුරක් බවට පත්වන අකාරය සිංහල ජාතික සංවිධානය න විසින් පෙන්වා දුන් නමුත් පසුගිය සහ මෙම රජයන් දෙකෙන්ම ඉතා නින්දිත අයුරින් නොසලකා හරින ලදී. අද එහි උපරිම තැනට පැමිණි ඇති අකාරය එහි දැකිය හැක. හෙට දිනයේ මංගලාරාම විහාරාධිපති හිමියන්ගේ ජීවිතය පිළිබඳවද දැඩි භීතියක් සිංහල බෞද්ධ අපිට ඇතිවීම සාධාරණය. මේ වන විටත් විහාරස්ථානයට හා අම්පිටියේ සුමනරතන හිමියන් වෙත ලබා දී තිබු ආරක්ෂාවද ඉවත් කර ඇති බව එහිමියන් සමාජ ජාලා වෙත වීඩියෝවක් නිකුත් කරමින් පවසා ඇත.

බහුතර සිංහල පිරිස් වසන ප්‍රදේශයන්හිදී මුස්ලිම් අනතවාදීන්ගේ නියම මුහුණුවර දැක ගත නොහැකි අතර මඩකලපුව, අම්පාර කාත්තන්කුඩිය පමණක් නොවේ මාතලේ පවා එහි සැබෑ ස්වරුපය දැක ගත හැකිය .

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *