සම්බුදු චීවරයේ ගෞරවය රැකෙන්නටනම් !

මෙලොව අද වනතෙක් භාවිතා කරන පැරණිම ඇඳුම කුමක්දැයි විමසුවහොත් ඒ සම්බුදු චීවරය බවට විවාධයක් නැත. සම්මා සම්බුදු බුදු රජාණන් වහන්සේ විසින් ම ඉතාමත් අර්ථාන්විත ව හා ප්‍රයෝගිකව භාවිතා කල හැකි ලෙස නිර්මාණය කෙරුණු මෙම බුද්ධ චීවරය දැකීමෙන පවා නෙතට සිතට ඇති වන්නේ අපමණ සුවයකි. මේ චීවරය වෙනත් අයකුට සාමාන්‍ය ඇඳුමක් ලෙස පෙනුනත් බෞද්ධ අපිට එය පුජාමය වස්තුවකි. මෙය දරන්නා තම දෙමව් පියන්ගෙන් පවා වැඳුම් ලැබීමට තරම් උසස් පුද්ගලයෙකි. සක්විති රජ කෙනෙකු පවා කිරුළු ගලවා දනින් වැටී අචාර කල යුතු උත්තම පුරුෂයෙකි. ඒ සියල්ල හිමි වන්නේ සියලු අවශ්‍යතා සම්පුර්ණ කරගන දැනුමින් සංයමයෙන් විනයෙන් සම්පුර්ණ වූ පසු සම්බුධු චීවරය දරන්නාටය. එනම් සම්මා සම්බුදු බුදුන් වහන්සේ ප්‍රමුක සඟ පරපුරේ අයකුටය.

සාමාන්‍ය බෞද්ධ හෝ අන්යාගමිකයකු වේවා මේ ලක් පොලව මත පමණක් නොවේ ලොව බොහෝ තැනකදී (අන්තවාදී බලු කපුටන් හැර) මේ අවිහිංසාවාදී දහම ලොව පතුරුවන සිවුරු දරාගත් මහා සඟ රුවන දුටු විට යම් හෝ ගෞරවයක් ලාබා දෙන්නේ නිතැතිනි. බෞද්ධ අපි නම් අපේ තුන් රුවනින් එකක් වන මහා සඟ රුවනට ගරු කරන්නේ හෝ කල යුත්තේ අපට හැකි උපරිම හැකියාවෙනි. ඒ පිළිබඳව විවාදයක් නැත.

එහෙත් අද සිදුව ඇත්තේ කුමක්ද? මේ සම්බුදු චීවරයේ ගරුත්වය රැකෙනවාද? මේ ඒ පිළිබඳව කතා බහකි.

මෑත කාලයේදී අපි කිහිප වරක් මහමග සිඟමන් යදින චිවාරදරින් දැක ඇත්තෙමු, නැතිනම් වශී ගුරුකම් කරවන පන්සලක් නැති තුන් මහල් නිවෙස් හිමි චිවරදාරින් දැක ඇත්තෙමු. මා කුඩා කාලයේ තිස්ස මහා රාමය තිස්ස වැව අසල කංසා වෙළදාමේ යෙදුනු චීවර දාරියෙක් දැක ඇත්තෙමි. ඔහුද පන්සලක නොසිටි අතර නිවසක වාසය කරේය. ඔහු සිවුර භාවිතා කලේ තමන්ගේ ව්‍යාපාරයේ සුරක්ෂිත භාවයටය. තවත් ප්‍රසිද්ධ කට්ටඩියකු කාටත් මතක ඇතුවාට සක නැත රුවන්වැල්ල සිටි .. අද ඔහු ස්ත්‍රී දුෂණ චෝදනා මත සිරගත වී ඇත. (නෙත් FM බැලුම්ගල ට පින්සිදුවෙන්නට) තවත් අයකු අද ලොව මියුසික් වීඩියෝවක සිටි පළමු රහතන් වහන්සේ තමන් යයි කියමින් වාර්තා තබන්නට වලි කයි. තමන් රහත් වුවාය, කියා බබකියු පාටි දමයි. මේ සියල්ල සිදු වුවත් මේවා පාලනයක් නම් නැත. කවුරුන් හෝ මේ තත්වයන් පාලනයට බලධාරියකුද පාහ්දිලිව නැත.

විශේෂයෙන්ම මේ රට බෞද්ධ රටක් බැවින් මහනායක හිමිවරුන් ප්‍රමුක මහා සඟ රුවන විසින් මෙම තත්වය පාලනාධිකාරය සමග සාකච්චා කර මෙම තත්වය නියාමනය කිරීම සඳහා නීති සකස් කරවා ගත යුතුය. සම්බුදු චීවරය සඟ සභාවේ ලියාපදිංචි ස්වාමින් වහන්සේ නමකට පමනක් පැළදිය හැකි ඇඳුමක් බවට පත් කල යුතු සහ ඉන් පසු රටේ නීති කරවන ආයතන එය එසේ වන බවට වග බලා ගත යුතුය.

තවද ශි ලංකාව සිංහල බෞද්ධ රටක් වන අතර මෙරට පෙර රජ දවස සිට රාජ්‍ය බලය රජතුමා සතු වුවත් එහි තීරණ සියල්ල ගනු ලැබුවේ මහා සඟ රුවනගේ පුර්ණ ආශීර්වාදය සහිතව පමණි. එහෙත් අද සිදුවන්නේ කුමක්ද? අද විහාරස්ථාන පවා විහාරාධිපති පමණක් නොවේ මහා නා හිමි වරුන්ටද ඉහලින් ගොස් ආණ්ඩුවේ නපුන්සක ඇමති වරු පාලනය කරන්නට පටන් ගෙන තිබේ. එසේ වන්නටද හේතුවක් තිබේ. අද රට කරවන එක්සත් ජාතික පක්ෂ මහා සමුළුවකදී එදා පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු ප්‍රසිද්ධ හිමි නමකගේ කරට ඇත දමාගෙන සිටින අයුරු මෙරට ජනතාව දැක ගත්තේය. ඒ මේ සඟ සතු චීවරයේ ගෞරවය නැති කරන එක් චීවරධාරියකු වන අතර මේ නපුන්සක ඇමතිවරු අදහන සඟ රතනයද ඔවුන් වීම රටේ අවාසනාවකි.

සිදුවිය යුත්තේ මහා සඟ රත්නය සතු බලතල ඉහල දැමිය යුතුය. බුදුන් දවස පටන සිදුකල විනය ක්‍රියා මාර්ග ගැනීමට මහා නා හිමි වරුන් ඇතුළු සඟ රත්නයට සියලු අධිකරණ ඉක්මවා යන බලයක් සැපයිය යුතුය. (සඟ රත්නය සම්බන්ධ ගැටළු ) මේ බලය තුලි  වහාම ශාසනය සොදනයක් දැන් කල යුතුය. මන්ද යත් මහා බලවේග සාදාගෙන අද අපේ නිර්මල බුදු දහම රැකෙන මේ බිමෙන් අපේ උරුමය සහ බෞද්ධ කම අතුගා දැමීමට බොහෝ දෙනා කස කවන බැවින් එය යම් තාක් හෝ දුරට පාලනය වන්නේ තවමත් ශේෂව පවතින සම්බුදු චීවරයේ ගෞරවය නිසා ම බව අප තේරුම් ගත යුතුය.

මෙම ලිපිය සංවාදය සඳහා විවෘත්තයි.

සංවාදයට පිවිසෙන්න 

 

යෝජිත නව ව්‍යස්ථාව පිලිබඳ ඔබේ අදහස
  • ව්‍යස්ථා වෙනසක් අවශ්‍යම නැ 38%, 12944 votes
    12944 votes 38%
    12944 votes - 38% of all votes
  • ව්‍යස්ථා වෙනසක් ඕනේ.. හැබැයි මේ විදිහට නෙමෙයි 29%, 9756 votes
    9756 votes 29%
    9756 votes - 29% of all votes
  • මට මේ ගැන දැනගන්න ඕනේ. 28%, 9358 votes
    9358 votes 28%
    9358 votes - 28% of all votes
  • මටනම් ඒ ගැන මෙලෝ අදහසක් නැ මට ඒ ගැන දැනගන්න ඕනෑකමකුත් නැ 3%, 984 votes
    984 votes 3%
    984 votes - 3% of all votes
  • රජයෙන් යෝජනා කරන මේ ව්‍යස්ථාව අවශ්‍යයි 2%, 779 votes
    779 votes 2%
    779 votes - 2% of all votes
Total Votes: 33821
November 5, 2017 - December 31, 2017
Voting is closed

ඔබේ අදහස් අප වෙත ලබා දීමට කාරුණික වන්න

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *